දින 06ට ඊශ්‍රායලයෙන් පලස්තීනයට බෝම්බ 6000ක් එල්ල වෙලා.UN එකටත් කරගන්න දෙයක් නැහැ!

Date:

කොළඹ LNW: ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුම් ඇවිලී ගෙවුණු දින 06ක කාලය තුළ ඊශ්‍රායලය විසින් කිලෝ 4000ක බෝම්බ 6000ක් එල්ල කර තිබෙන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

එම ප්‍රහාර වලින් පලස්තීනුවන් 1400ක් පමණ ඝාතනය වී ඇති බවයි වාර්තා කර තිබෙන්නේ.

ඒ අතර දරුවන් 447කක්,කාන්තාවන් 248ක්,සෞඛ්‍ය සේවකයින් 10ක් ඇතුළු සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාසා තීරයේ මුළු අසල්වැසි ප්‍රදේශවල මිලියන 2.3 ක ජනතාවක් වාසය කරන අතර ඔවුන්ගෙන් අඩක් ළමයින් බවත් නොනවතින බෝම්බ හෙලීමෙන් එම ප්‍රදේශ විනාශ වී ඇති අතර පලස්තීනුවන් 338,000 කට තම නිවෙස් අතහැර යාමට බලකර තිබෙන බවත් සඳහන්.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට පවසන පරිදි මරණයට පත්වීම් හැර තවත් 600කට වැඩි පිරිසක් මේ වන විට තුවාල ලබා තිබේ.

හමාස් ප්රාහ්ර හමුවේ ඊශ්‍රායලයේද පුද්ගලයින් 1300ක් පමණ මියගොස් තිබෙන අතර ගසා තීරයට ආහාර,ඉන්ධන,ජලය,සහ ඖෂධ ලැබීමට තිබෙන ඉඩද අහුරා ඇති බව සඳහන්.

ඊශ්‍රායලය සහ හමාස් ගැටුම ඉතා දරුණු තැනකට පත්ව තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙන නමුත් සටන් විරාමයක් වෙනුවෙන් හෝ තවදුරටත් ඔවුන්ට මැදිහත්වීමක් සිදුකිරීමට හැකිව නැත.

මෙම ගැටුම්කාරී තත්ත්වය ගෝලීය ආර්ථිකයට බරපතල තර්ජනයක් ඇති කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද අනතුරු අඟවා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...