මළල ක්‍රීඩා රන් පදක්කම්ලාභි තරුෂි කරුණාරත්න පිළිගැනීම අද වළල ඒ රත්නායක මධ්‍ය මහ විදුහලේදී

නදීක දයා බණ්ඩාර – මහනුවර

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව දිගන ක්‍රීඩාංගණය ලබාදීමට මධ්‍යම පළත් සභාව තීන්දු කර ඇතැයි පළාත් අධ්‍යාපන අමාංත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා පවසයි.

ක්‍රීඩා සංකීර්ණයේ පුහුණුවීම් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මුදල් අය කිරීම හේතුවෙන් ක්‍රීඩකයන් පත්වන අසීරුතාව වැළැක්වීම සඳහා ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව ඒ මහතා කීවේය.
මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රීඩිකාව පිළිගැනිම සඳහා ඇයගේ පාසල වන වළල ඒ රත්නායක විදුහලේ අද (13) පැවැති උත්සවයේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.



එම ක්‍රීඩිකාව දිගන සහ මැණික්හින්න නගරවලදී පිළිගැනීම සිදුවූ අතර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එම ප්‍රාදේශීය සභාව සහ මැණික්හින්න වෙළඳ සංගමය ඇතුලු ආයතන රැසක සංවිධානත්වයෙන් එය සිදුවිය. අනතුරුව වළල ඒ රත්නායක විදුහලේදී ද පිළීගැනීමක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාංත්‍යංශ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මේ වන විටත් විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය නිරීක්ෂණය කරන බව කී ලේකම්වරයා, මීටර් 400 ධාවන පථයකින් යුක්ත ක්‍රීඩාංගණය අංග සම්පූර්ණව නිම කරන බව එහිදී කීවේය. ආර්ථික අසීරුතාවක් පවතින යුගයක් වුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභීවෘද්ධීය වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් එහි ආරක්ෂත බැම්ම ඉදිකිරීම ද ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇතැයි ඒ මහතා කීවේය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය, පළාත් සභා ක්‍රීඩා අමාත්‍යංශය හා මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම මත මධ්‍යම පළාතේ ක්‍රීඩාව දියුණූ කිරීමට සැලසුම් කර ඇතැයි කී ඒ මහතා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන මට්ටම ඉදිරියට ගෙන ඒම සඳහා විශේෂ අධ්‍යාපන ඇකඩමියක් බිහි කරන බව ද කීවේය. පාසල් අධ්‍යාපනය අවසන් වුවත් එම ක්‍රීඩකයන්ගේ අනාගතය සුරක්ෂීත කිරීම මෙම නේවාසික ඇකඩමියේ කාර්යයභාරයක් වන බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
තරූෂී කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණූකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී විශේෂ උපහාරයකින් පිදුම් ලද අතර විදුහලේ ක්‍රීඩාභාර ආචාර්යවරුන්ට ද උපහාර දැක්වීම මෙම පිළීගැනීමේ උත්සවයේදී සිදුවිය.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහඇල්ල, විදුහල්පති ධම්මික හේරත් යන මහත්ම මහත්මීන් ද රජයේ ආයතනවල නිලධාරීන්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...