මන්නාරමේ ක්‍රියාධරයකුගේ සංවිධානය ගැන ත්‍රස්ත පොලිසියට ප්‍රශ්න

Date:

ත්‍රස්ත විමර්ශන පොලීසිය (TID -Terrorism Investigation Devision) විසින් මන්නාරමේ බහුජන ක්‍රියාධරයකු ප්‍රශ්න කිරීම සඳහා කොළඹට කැඳවද්දී නොර්වේ තානාපතිනිය ‘ජන ජීවිතය නගා සිටුවීමට’ එම ප්‍රදේශයේ

සංචාරයකට එක් වී තිබේ.

මෙරට නෝර්වේජියානු තානාපතිනී ට්‍රින් ජොරනිල් එස්කෙඩල් පෙරේදා [17] මන්නාරමේ සංවර්ධන වැඩ සටහන් ගැන කතා බහ කිරීමට දිස්ත්‍රික් ලේකම්වරිය ස්ටැන්ලි ඩි මෙල් හමුවන්නට පෙර දිනයේ දෙමළ ජනයාගේ ජිවත් වීමේ අයිතිය සංවිධානයේ ප්‍රධානි එස්.වී.සිවකරන් (VS Sivakaran) ත්‍රස්ත විමර්ශන පොලීසියට කැඳවන ලිපිය මන්නාරම පොලිසිය මගින් බාර දී තිබුණි. ඔහුගේ සංවිධානයට අයත් සියළුම ලිපි ලේඛන රැගෙන එන ලෙස එම ලිපියෙන් නියම කර තිබුණි.

 කොළඹ ත්‍රස්ත විමර්ශන පොලිස් මුලස්ථානයේදී සිකුරාදා [18] ක්‍රියාධරයාගෙන් පැය පහක් තිස්සේ ප්‍රශ්න කරන ලද බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) පවසයි.



JD 2022.02.19 1“රහස් පොලිසිය, යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා බුද්ධි අංශ විසින් මා ගැන සකස් කරන ලද ෆයිල් ඒ අය අත තිබුනා,” යි සිවකරන් කියා තිබුණි.

ඛනිජ වැලි කැනීම හා සුලං බල විදුලි උත්පාදන ව්‍යාපෘතිය යටතේ ඉදි කොට ඇති විදුලි උත්පාදන පංකා 36  හේතුවෙන් මන්නාරම් දුපතේ ජන ජිවිතයට හා පරිසරයට හානිවන බවට දුපත්වාසියෝ දිගින් දිගටම උද්ඝෝෂණය කරති.

නොර්වේ තානාපතිනිය හා දිසා ලේකම්වරිය අතර පැවති සාකච්ජාවේදී මෙම කරුණු ගැන විශේෂ අවධානයක් යොමු වූ බව එහි ගිය මන්නාරමේ මාධ්‍යවේදියෝ පවසති.

ඊට අමතරව මන්නාරම් මුහුදේ අනවසරයෙන් මසුන් මරණ ඉන්දීය ධීවරයන්ගේ ගැටලුවත්, දිසා රෝහලේ වැඩි දියුණු කටයුතු ගැනත් සාකච්ජා කර තිබේ.

දශක ගනනාවක් පුරා යුද්දයෙන් පිඩාවට පත් ජනතාවක් වෙසෙන මන්නාරම් දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සංවර්ධනය ගැන වැඩසටහන් දියත් කිරීම ගැනද  නොර්වේ තානාපතිනි එස්කෙඩල් මෙහිදී සාකච්ජා කළ බව තානාපති කාර්යාලය කියයි.

තානාපතිනියගේ මන්නාරම් සංචාරය සිහිවනු පිණිස දිසා ලේකම්වරිය විසින් ඇයට සමරු තිළිණයක් පිරිනැමූ අතර සාකච්ජා සඳහා අතිරේක දිසා ලේකම්  එස්.ගුණබාලන්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ කේ.මහේන්ද්‍රන් ද එක්ව සිටියහ.

05
01

The Leader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...