ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව රජයේ දැඩි අවධානය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW :

මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවක් අනුවය.

ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව ගැඹුරු හා නිරන්තර ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සාමාන්‍ය වාර්ශික මරණ අනුපාතය පුද්ගලයින් 10,000කට 11.2ක් ලෙස වාර්තා වී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව 2020 – 2024 කාලසීමාව තුළ මෙරට රිය අනතුරු 118,697ක් වාර්තා වී ඇති අතර එම අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 12,322ක් මිය ගොස් ඇත.

එමෙන්ම දුම්රිය හරස් මාර්ගවල පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් අනතුරු 400ක් පමණ වාර්ශිකව සිදුවන බවත් වාර්තා වී ඇති අතර මේ අනුව මාර්ග අනතුරු හේතුවෙන් අඛණ්ඩව ඉහළ යන මරණ හා හානි අවම කරමින් සියලු මාර්ග භාවිත කරන්නන් සඳහා ආරක්ෂිත හා සැමට සමාන මාර්ග පරිසරයක් ඇති කිරීම පිණිස මාර්ග යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම‍, ආරක්ෂිත වාහන භාවිත කෙරෙන බවට තහවුරු කිරීම හා එම වාහන නියාමනය කිරීම අත්‍යාවශ්‍ය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එකී අරමුණු සහිතව සකස් කර ඇති මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...