පලස්තීනුවන් දහස් ගණනක් සිය නිවෙස් අත්හරියි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ඊශ්‍රායල හමුදාව විසින් පැය 24ක් තුළ ඉවත් කිරීමේ නියෝග ලබා දීමත් සමඟ මිලියන 2.3 ක ජනතාවගෙන් අඩකට ආසන්න පලස්තීනුවන් තම නිවෙස් අතහැර දකුණට ගමන් කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව හමාස් සහ අනෙකුත් සන්නද්ධ කන්ඩායම් හා සම්බන්ධ ත්‍රස්තවාදී ස්ථාන ඉලක්ක කිරීමින් ප්‍රහල එල්ල කිරීමට සිවිල් වැසියන්ට පිටව යාමට කාලය ලබා දුන් අතර, මේ සම්බන්ධයෙන් හමාස් ජනතාවගෙන් ඉල්ලා තිබුණේ, නිශ්චලව සිටින ලෙසත්, නිවාසවලින් ඉවත් වීමට ඊශ්‍රායල හමුදා නියෝගය නොසලකා හරින ලෙසත් ය.

කෙසේ නමුත්, ගාසා නගරයෙන් පලා යමින් සිටි රථ පෙළට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට හමාස් චෝදනා කරන අතර බොහෝ විට කාන්තාවන් සහ ළමුන් 70 දෙනෙකු මිය ගිය බව හමාස් මාධ්‍ය කාර්යාලය පවසයි.

ගතවූ දින අටක කාලය තුළ හමාස් ප්‍රහාරයන් හේතුවෙන් අවම වශයෙන් ළමයින් 614 ක් සහ කාන්තාවන් 370 ක් ද ඇතුළුව, පලස්තීනුවන් 1,900ක් මියගොස් 338,000 ක් පමණ අවතැන් වී ඇත. ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ඉන්ධන, ආහාර සහ ජලය අවහිර කර ඇති අතර ප්‍රාණ ඇපයට තබාගෙන සිටින ඊශ්‍රායල ඇපකරුවන් නිදහස් කරන තුරු වටලෑම අවසන් නොවන බව අගමැති නෙතන්යාහු තහවුරු කර තිබේ.

ගාසා තීරයේ සහ ලෙබනනයේ සිය හමුදා මෙහෙයුම් සඳහා සුදු පොස්පරස් බෝම්බ භාවිතා කළ බවට හියුමන් රයිට්ස් වොච්(HRW) විසින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට චෝදනා කර ඇති අතර ඔවුන් ඒවා ප්‍රතික්ස්හප කර තිබේ. HRW පැවසුවේ එවැනි ආයුධ භාවිතා කිරීම සිවිල් වැසියන් බරපතල හා දිගු කාලීන තුවාල වලට ගොදුරු වීමේ අවදානමක් ඇති අතර පලස්තීන කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...