නාගපට්ටිනම් සිට කන්කසන්තුරේට නෞකා සේවය අද (14) සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන නෞකා සේවය අද (14) ආරම්භ වේ.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව එය ක්‍රියාත්මක බව, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරයි.

ඒ අනුව මගීන් 100 දෙනෙකු රැගත් නෞකාවක් ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා පැමිණෙන බවත් , නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය 4ක පමණ කාලයක් ගත වන බවද කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා කියා සිටී.

එක් ගමන් වාරයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 26,750 ක් වන අතර
ඉන්දියාවට යෑමට සහ ඒමට ශ්‍රී ලංකා රුපියල් 53,500 ද ගාස්තුවක් අය කිරීමට නියමිතය.

මෙහි එක් මගියකුට කිලෝග්‍රෑම් 50 බරකින් යුත් භාණ්ඩ රැගෙන යා හැකි බවද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!