විදුලි බලේ ගැන IMF ස්ථාවරය මෙන්න!

Date:

කොළඹ LNW:විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා අවධාරණය කරයි.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින අතර පොදුවේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දී ඇත්තේ

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන වැඩසටහනේ කොටසක් බවද ඔහු ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකිකයන් මුහුණ දී තිබෙන දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේරුම් ගෙන තිබුණත් නිපදවීමට යන මුදල ජනතාවගෙන් අය කර නොගතහොත් අවසානයේ විදුලි බල අංශය පාඩු ලබනු ඇති බවත් එවිට එය ජනතාවගේ ප්‍රශ්නයක් වනු ඇති බවත් ශ්‍රීනිවාසන් මහතා තවදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...