සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ඊයේ ( 15) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉක්වදෝර ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට 35 හැවිරිදි ව්‍යාපාරික Daniel Noboa පත්වීමට නියමිත බවයි.
ඒ අනුව ඊයේ (15) පැවති මැතිවරණයෙන් 47.7% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් Luisa González’s ට වඩා 52.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් Daniel Noboa ජයග්‍රහණය කර ඇත.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී පක්ෂයේ සාමාජිකයෙකු වූ Daniel Noboa පස් වතාවක් ජනාධිපති ධුරයට ඉදිරිපත් වී අසාර්ථක වූ Álvaro Noboa ගේ පුත්‍රයා බවයි විදෙස් මාධ්‍ය පවසයි.
Daniel Noboa මීළඟ මැතිවරණයතෙක්, එනම් මාස 17ක කාලයක් පමණක් ධුරයේ රැඳී සිටිනු ඇති අතර , ඔහු 2023 නොවැම්බර් අග සිට 2025 මැයි දක්වා පාලනය කරනු ඇති අතර Daniel Noboa ට අවශ්‍ය නම් 2025-29 ජනාධිපති ධුර කාලය සඳහා නැවත ඉදිරිපත් විය හැකි බවද සඳහන් වේ.
Daniel Noboaගේ 36 වැනි උපන්දිනයට දින පහකට පෙර එනම් නොවැම්බර් 25 වැනිදා ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති අතර, මෑත වසරවලදී ඉක්වදෝරයේ කල්ලි ප්‍රචණ්ඩත්වය වැඩි වී ඇති අතර ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පසුගිය අගෝස්තු මාසයේදී අපේක්ෂකයෙකු ඝාතනයට ලක්වීමෙන් පසුබෑමට ලක්වූ බවයි වාතා වන්නේ.
ප්‍රචණ්ඩ අපරාධ ද ඉහළ ගොස් ඇති අතර ඉක්වදෝරය ලෝකයේ කොකේන් නිෂ්පාදකයින් දෙදෙනෙකුවන කොලොම්බියාව සහ පේරු අතර පිහිටීම හේතුවෙන් මත්ද්‍රව්‍ය කල්ලිවල කේන්ද්‍රස්ථානයක් බවටද පත්ව ඇත.
Daniel Noboa යෝජනා කර ඇත්තේ, රටේ සිරගෙවල් තුළ මාරාන්තික යුද්ධයක නිරත වූ බන්ධනාගාර කල්ලි බිඳ දැමීම සඳහා ඉක්වදෝරයේ දරුණුතම අපරාධකරුවන් කිහිප දෙනෙකු ඉක්වදෝර වෙරළට ඔබ්බෙන් පිහිටි බන්ධනාගාර නැව් වෙත ගෙන යන ලෙසයි.
ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් මාර්ග කඩාකප්පල් කිරීම සඳහා ඉක්වදෝරයේ දේශසීමා සහ වරායන්හි ආරක්ෂාව වැඩි කිරීමට සහ කොකේන් වැඩි ප්‍රමාණයක් නැව්ගත කිරීම වැළැක්වීම සඳහා ස්කෑනර් ස්ථාපනය කිරීමටද Daniel Noboaට නව ජනාධිපතිවරයා වශයෙන් යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
