ඊශ්‍රායල් – පලස්තීන ගැටුම විසඳීමට චම්පිකගෙන් පස්වැදෑරුම් වැඩ පිළිවෙලක්!

Date:

කොළඹ LNW:භාණ්ඩ හා සේවා මිල ගණන් අහස උසට නැඟීම මගින් තීව්‍ර කරන ලද ආර්ථික අර්බුදයත් සමඟ මේ වන විට පොරබදමින් සිටින ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ හමාස් කණ්ඩායම අතර මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් තවදුරටත් අසරණ කරමින් තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මැදපෙරදිග ගැටුමේ බලපෑම් හේතුවෙන් කලාපයේ අනෙකුත් ජාතීන් මෙන්ම ශ්‍රී ලංකාව ද දැඩි ලෙස පීඩාවට පත් වනු ඇතැයි රණවක මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ඓතිහාසික සන්දර්භය සහ වත්මන් අර්බුදයේ ස්වභාවය පිළිබඳ අවධානය යොමු කරමින්, එම තත්ත්වය කඩිනමින් විසඳා ගැනීම සඳහා සවිස්තරාත්මක කරුණු පහකින් යුත් යෝජනාවක් රණවක මහතා විසින් ඉදිරිපත් කොට තිබේ.

“ඊශ්‍රායල් – පලස්තීන ගැටුම විසඳීමට යෝජනා කරන පස්වැදෑරුම් වැඩ පිළිවෙළ”

  1. මානුෂීය අවශ්‍යතා සහ මූලික මිනිස් අවශ්‍යතා වන ජලය, ආහාර, විදුලිය, ඉන්ධන සහ ඖෂධ සිරවී සිටින ජනතාවට වහාම ලැබීමට සැලැස්වීම.
  2. ප්‍රාණ ඇපයට ගෙන සිටින අය ජාත්‍යන්තර මැදිහත්වීම මත වහා නිදහස් කිරීම.
  3. සියලුම පාර්ශව විසින් ඊශ්‍රායලය හා පලස්තීනය “ස්වෛරී රටවල් දෙකක්” ලෙස පිළිගැනීම හා එයට එකඟ වීම.
  4. ලොව පුරා සිටින මිලියන 6ක් වන පලස්තීන සරණාගත ජනතාවට තම මව්බිමට පැමිණීමට ඉඩ දීම.
  5. ශුද්ධ වූ ජෙරුසෙලම සියලුම ආගම් සහ වන්දනාකරුවන් සඳහා මධ්‍යස්ථ, අපක්ෂපාතී නගරයක් බවට එක්සත් ජාතීන් වැනි ජාත්‍යන්තර අධීක්ෂණයක් යටතේ පත් කිරීම.

මෙම ගැටුම ජාතිවාදී හෝ ආගම්වාදී දෘෂ්ටිකෝණයකින් නොව ජාත්‍යන්තර ප්‍රජාව විසින් බැලිය යුත්තේ මානුෂීය දෘෂ්ටිකෝණයකින් බවත් සන්නද්ධ ත්‍රස්තවාදී සංවිධානවල පීඩනයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තෝරා පත් කර ගැනීමට පලස්තීන ජනතාවට ඉඩ දීමේ වැදගත්කම මෙම පස්වැදෑරුම් වැඩ පිළිවෙළ හරහා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...