මොරොක්කෝවේ පැවති IMF සාකච්ඡා සාර්ථකයි ! ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වල දී මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ තිරසරභාවය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් , මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් එළැඹිය හැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, IMF කටයුතු වේගවත් කිරීමට අවශ්‍ය සහයෝගීතාව වැඩි කරගැනීම සඳහා එම සාකච්ඡාවල දී ප්‍රමුඛත්වය ලැබුණු බවත්, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙළ ද මේ වන විට බොහෝ දුරට අවසන් අදියරට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

චීනය ඉන්දියාව පැරිස් සමාජය සහ විදේශීය බැදුම්කර හිමියන් වෙත ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කොන්දේසි එකඟ කරගැනීමට අවශ්‍ය අවසන් සාකච්ඡා සිදු වෙමින් පවතින බවද, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවක දී ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, චීන එක්සිම් බැංකුව සමඟ තාවකාලික කොන්දේසිවලට එකඟ වීමෙන් පසු මේ වන විට අවධානය යොමු ව ඇත්තේ, සියයට 20ක කප්පාදුවක් සහ නව යෝජනා ඉදිරිපත් කළ අනෙකුත් නිල ණය හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීම බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක ජනජනවාරි 20,කොළඹ LNW : වතු කම්කරුවන්ගේ ජීවන...

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...