පලස්තීනුවන්ට ගාසා රෆා හරස් මාර්ගය විවෘත වේ

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසාවේ ජනතාවට ආහාර, ජලය, බෙහෙත් සහ නවාතැන් ලබා ගැනීම සඳහා පලස්තීනය හා ඊජිප්තුව වෙන් කරන රෆා හරස් මරගන හෙට(20)සිට විවෘත කර ඇති බව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද ජනධිපති ජෝ බයිඩන්ගේ ඊශ්‍රායල සංචාරයේදී කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ගය විවෘතවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ධවල මන්දිරයට අනුව, ඉදිරි දිනවලදී මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක් පමණ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපයේ සිට ගාසා තීරයට ඇතුළු වනු ඇති අතර ඒවා හමාස් ත්‍රස්තයන් අතට පත් වන්නේ නම් ආධාර බෙදාදීම ඉන් අවසන් වන ලෙස දෙපාර්ශවය අතර සාකච්ජා වී තිබේ. මේ සම්බන්ධයෙන් ඊජිප්තු විදේශ අමාත්‍ය Sameh Shoukry ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සැපයුම් සිදු කෙරෙනු ඇති බවයි.

ගාසා තිරය හා ඊජිප්තුව යා කෙරෙන රෆා හරස් මාර්ගය 2007 දී හමාස් ගාසා තීරයේ පාලනය අත්පත් කර ගත් දා සිට, ඊජිප්තුව මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහය දැඩි ලෙස සීමා කළේය. ඊජිප්තුව පසුගිය ගැටුම් සහ නොසන්සුන් කාලවලදී ඊශ්‍රායලය සහ පලස්තීන කොටස් අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...