හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන් නිදහස් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන් මහත්මිය ඇයට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි. ඒ අනුව නීතිපති උපදෙස් මත ඇයව නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

විජයකලා මහේස්වරන් මහත්මියට එරෙහිව නඩුව ක්‍රියාත්මක වී තිබුණේ, ඇය 2018 වසරේ දී ළමා හා කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ, යාපනය වීරසිංහ ශාලාවේ පැවති උත්සවයකදී, කොටි සංවිධානය (LTTE) යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...