නේෂන් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත් වීමට පෙර ක්‍රීඩා අමාතළුංශයට පැමිණියා.ඔවුන්ගේ අරමුණ එළැඹෙන ආසියානු කුසලාන තරගාවලියේ සිය ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමයි.
මේ අරමුණට යාම සඳහා නේෂන් කුසලාන තරගාවලිය පාදක කරගෙන කණ්ඩායමක් සකස් කර ගැනීමට අවශ්‍යය පරිසරය සකසා ගන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම සිය විශ්‍රාමය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා නෙට්බෝල් වෙත අවස්ථාව ලබා දුන්නා.නමුත් ජාත්‍යන්තර තරගාවලියක් ආසන්නයේ නෙට්බොල් ක්‍රීඩාවේ අභ්‍යන්තර දේශපාලනය විසින් සකස් කරන න්‍යාය පත්රයකට අනුව ජ්‍යෙෂ්ඨ පුහුණුකාරිනිය ඉවත් කරමින් නව පුහුණුකාරිණියක් යටතේ ප්රබලතම තරගාවලියකට ශ්‍රී ලංකාව යොමු කරන්නට ශ්‍රි ලංකා නෙට්බෝල් තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවට ලැබෙන්නට නියමිත තරගාවලි ගැන ද තීරණය කරන බව දැන දැනම එවැනි තීරණයක් ගැනීම ප්රශ්නකාරි එකක්.නමුත් මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශය නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩි විශ්වාසයකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා.ඒ නිසා වෙනත් ක්‍රීඩා සංගම්වලට පැටවෙන මූල්‍යමය බර ආදිය නෙට්බෝල් මත අඩුවෙන් පැටවෙන බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගම පෙන්වා දෙනවා. .
මේ වාතාවරණය යටතේ නේෂන් කුසලාන තරගාවලියට නායකත්වය දෙන්නට පසුගිය වකවානුවේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ විශාල අවධානයකට ලක් වූ ක්‍රීඩිකාවක් වන දුලංගි වන්නිතිලකට පවරා තිබෙනවා.උප නායකත්වය භාෂිනී යෝෂිතා ද සිල්වා විසින් දරනවා.කණ්ඩායම් කළමණාකාරිය ලෙස කටයුතු කරන්නේ ශිරෝමි කුරුප්පුයි.පුහුණුකාරිය ලෙස නාලිකා ප්‍රසාදි සහ සම්භාහක ලෙස ආවර්ජනා ද සිල්වා කණ්ඩායමට එකතු වෙනවා.
සම්පූර්ණ ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් දැක්වෙනවා.
දුලංගි වන්නිතිලක,භාෂිනී යෝෂිතා ද සිල්වා,ගයන්ජලී අමරවංශ,රෂ්මි දිව්‍යාංජලී පෙරේරා,ඉමාෂා සංකල්පනී පෙරේරා,ශලනී රුක්ෂලා හපුආරච්චි,සචිනි හිරුණිකා රොද්‍රිගෝ,චලනි නදීශා,හංසිමා සපුමාලි දිසානායක,සුසීමා කුමාරි බණ්ඩාර,කසුනිකා සේමිනි අල්විස්,චනිදු රෂ්මි ඔබේසේකර
මෙම සංචිතයට අමතරව අතිරේක ක්‍රිඩිකාවන් ලෙස ශානිකා මධුෂානී පෙරේරා,ගයාත්‍රී කෞෂල්‍යා වීරසූරිය,සජලි අප්නා යන ක්‍රීඩිකාවන් මෙම සංචිතයට එක් කර තිබෙනවා.
සටහන – නිෂ්මං රණසිංහ