බස්නාහිරට ඩෙංගු අවධානමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දින වල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමග ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන සඳහන් කරයි.

ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2339 දෙනකු හමු වී ඇති අතර, වැඩිපුර ඩෙංගු රෝගීන් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඩෙංගු මර්ධන වැඩ සටහනේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 14070ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13742ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 4307ක් ආදී වශයෙන් බස්නාහිර පළාතෙන් ඩෙංගු උණ රෝගීන් හමුවී තිබෙන බව ද එම දත්ත වාර්තාවල සඳහන් වේ.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍යවරු පවසන්නේ, නිවෙස් අවට සහ කාර්යාල, පාසල් අවට පරිශ්‍ර පිරිසිදුකර ගැනීමට උනන්දු විය යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...