*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගැනීමට අවශ්‍ය වන්නේ නිර්මාණශිලී නැවුම් විසඳුම් (VIDEO)

සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ ප්‍රශ්න වලට විසදුම් ලබා දීම බවත් රට බංකොලොත් වී ඇති මොහොතේ නිර්මාණශීලිව නැවුම් විසදුම් තුළින් රිදීරේඛාවක් නිර්මාණය කළ හැකි බවත් රට වැටුන නමුත් නිවැරදිව නැගිටිය යුතු බවත් ඒ තුළින් අලුත් රටක් අලුත් දේශයක් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසර 75 ක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් පිළිබඳ කතා බහට ලක්වන යුගයක විපක්ෂයක් විදිහට ලංකාවේ අධ්‍යාපන ක්ශ්‍රේත්‍රයටත් , සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයටත් හැකි ප්‍රමාණයෙන් අගයක් එකතු කරන්න කටයුතු කර තිබෙන බවත් සක්වල සහ හුස්ම වැඩසටහන් යටතේ දූදරුවන්ට දෙමාපියන්ට වටිනා උපකරණ අධ්‍යාපන ක්ශ්‍රේත්‍රයට සහ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට පරිත්‍යාග කරන විට සතුටක් සහ ආඩම්බරයක් ඇති වන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

රට දුපතක් වුවත් දූපත් මානසිකත්වයකින් ඉදිරියට යා නොහැකි බවත් නව තාක්ෂණික ක්‍රමෝපායන් ඉගෙනගෙන නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බවත් ලෝකයා සමග තරග කිරීමට සුහුර රටක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ “සක්වල” 36 වන වැඩසටහන යටතේ බප / ජය ශ්‍රී සුභූති ජාතික පාසලට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කාලයෙන් කාලයට ඩිජිටල් විප්ලව ගැන ලොකු ලොකු හෝටල්වල සම්මන්ත්‍රණ පවත්වා සාකච්ඡා කළත් කිසිදු අවස්ථාවක එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බවත් ඩිජිටල් ලොවට පාසල් දරුවන් හුරු කිරීමේ අරමුණ පෙරදැරිව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සක්වල වැඩසටහනට එක්වී සිටින දෙමාපියන්ගේ මූණ දෙස බැලූ විට විශාල පීඩනයකින් සිටින බව පෙනෙන්නට තිබෙන බවත් ජනතාව ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බවත් තුන්වන වතාවටත් විදුලි බිල වැඩි කළ බවත් එය නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් එයට මහජන උපයෝගිතා කොමිසම වගකිව යුතු බවත් බලශක්ති ඇමැතිවරයා වගකිව කිව යුතු බවත් ජනතාවගේ විදුලිබිල වැඩිවනවිට බලවතුන්ගේ ගජමිතුරන් කොට්ඨාසයකට සහන ලැබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව වැඩකරන ජනතාවගේ අර්ථසාධකයට අත තිබූ බවත් රටේ සූපිරි පෝසතුන්ට බදු නොගැසූ බවත් තුන්වතාවක් විදුලිබිල වැඩිකරපු සම්මේලනයක් දුප්පත්කම වැඩි කරපු සම්මේලනයක් කුඩා හා මධ්‍ය පරිමාණ ජීවිත විනාශ කරපු සම්මේලනයක් අද පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 36කට රුපියල් ලක්ෂ 321 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණත් සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 80කට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස්රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රුපියල් ලක්ෂ 3892 ක් වේ. එසෙම හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා උපකරණ පරිත්‍යාග කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan