ක්‍රීඩාව යනු ජීවිතය ජය ගැනීමට ඇති මංපෙතක් – මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා බෝගම්බර ක්‍රීඩාංගණයේදි කියයි

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW):
ක්‍රීඩාව යනු සිය ජීවිතය ජය ගැනීමට ඇති ප්‍රධානතම මාර්ගයක් යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

නමුත් අද පවතින අධ්‍යාපන රටාව තුළින් දූ දරුවන් ක්‍රීඩාවෙන් ඉවත්වන තත්ත්වයක් දැකිය හැකි යැයි ද ඒ මහතා කීවේය.

ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් එහි පැවැති උත්සවයේදී දිස්ත්‍රික් ලේකම්වරයා අද (22) ඒ බව ප්‍රකාශ කළේය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විස්සෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් බෝගම්බර ක්‍රීඩාංගණයේදී මෙම තරඟ ආරම්භ විය.

යහපත් පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත්වීමට ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් උපකාරී වන බවත් ඒ තුළින් විනය, ශාරීරික හා මානසික විදදරා ගැනීමේ හැකියාව ඇති බව බව ඒ මහතා ප්‍රකාශ කළේය. කැපවීම, අධිෂ්ඨානය සහ උනන්දුව ආදී ගුණාංගයන් ද ක්‍රීඩාව තුළින් මතුවන බවත් හෙතෙම සඳහන් කළේය.

නමුත් මේ පිළිබදව දෙමාපියන් අවදානය යොමු නොකිරීම නිසා මනුෂ්‍යත්වයෙන් හෙබි පුද්ගලයන් නිර්මාණය වීම අවම වී ඇතැයි ද ඒ මහතා කීහ. ජය පරාජය විද ගැනීමේ හැකියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව තුළින් උරුම වන බැවින් සිය දරුවන් ක්‍රීඩාවට යොමු කිරීමෙන් යහපත් සමාජයක් උදා කර ගත හැකි යැයි ද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂ ඩී.එම්.සිසිර කුමාර, මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සුචින්තන දිසානායක, මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සභාපති තේමිය බණ්ඩාර, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිදු නවීන් යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් ද යෞවන සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...