රට අස්තාවර කොරන සද්දෙ

Date:

“ඩෝං”

“බුදු අම්මෝ”

මං උඩ ගිහිං වැටුණා.බූරු ඇඳ ජරාස් ගෑව.
අබිලිංගෙ කඩේ පැත්තෙං තමයි සද්දෙ ආවෙ.බල්ලා මිදුලට පැනලා උඩු බරන්ඩ පටං ගත්තා.ඊට පස්සෙ නිමලෙලෑ කංකොටා.ඔයිම්මෙයිං විලාප සද්දෙ යට කොරාන බල්ලො උඩු බුරන සද්දෙං මුලු ගමම ඒකනාද වෙච්චි.පන්සලේ පිරිත් නාදෙත් ඊට යටයි.
අපේ මායියා ඉනට අද්දෙක තියාන රූපවාහිනි පෙට්ට්යට එබී ගෙන.
පිපිරෙන්නෙ ප්‍රොමිතියෙ පුරස්නයක් හන්ද නෙමේ කියලා ටයි දාගත්තු මහත්තයෙක් කියනව.ටැංකියෙ පුරස්නෙ නෙමෙයි,බටේ පුරස්නලු.
මං ගෑටුව නිමලෙලෑ ගෙදෙට්ට.නිමලෙත් පාරට යන්ඩ බලාන.අර විලාපෙ ආයෙ ඇහෙනව.

“යමුද මලේ බලන්ඩ.”

“හා යංකො හෙනං.”

අපි දෙන්නා ගෑටුවා අබිලිංගෙ කඩේට.
හත්දෙයියනේ අබිලිංගෙ කඩේ ළිප පුපුරලා.අබිලිංගෙ මායියගෙ මූණ නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන්……………………….
වෙලා.තේ වක්කොරන්ඩ ගෙහුං වෙච්ච වින්නැහියක්.

“ඕක තමා මං කීවෙ දර ළිප පාවිච්චි කොරන්ඩ කියලා.කොහෙද ඉතින් අහන එකක් යෑ.”

අබිලිංගෙ මායියගෙ මූණට තෙල් උරච්චි කොරන්ඩ නාච්චිරේ ළඟට එක්කරං ගියා.අබිලිං ගියා දේවාළෙ කපු මහත්තයා හමුවෙන්ඩ.
එක දිගට කරදර සිද්ද වෙන්නෙ කඩේට අපලයක්ලු.
අබිලිං එනකං අපි මිදුලට වෙලා කටේ හිරිඇර ගත්තා.

“මේක ආණ්ඩුවට විරුද්ද කුමන්ත්‍
ණයක්”

“මොකද්ද?’

“පත්තු වෙන බව දැනදැනත් ගෑස් පත්තු කොරන එක”

“ඔය උපාංගද මොනවද හදන්නෙ සජිත්ලගෙ අනුරලගෙ කට්ටියද දන්නෑ නේද?

“වෙන්ඩත් පුලුවං.මෙච්චර වීරිය කොරලා රට බේරාගත්තට පස්සෙ ඒක අස්තාවර කොරන්ඩ කුමන්ත්රණ කොරන අයත් ඉන්නවා.”

“ඇත්ත වසයෙම්ම අද ගෑස් පුරස්නෙ හින්දා නියම ගැමි සිරියාවක් මතු වේගන එන්නෙ”

“ඒ කොහොමද?”

“රස්සාවලට යන ගෑනු උදවිය වැඩට යන එක පැත්තක තියලා චීත්තයක් ඇඳගෙන පුවක් ගෙඩිය විස්සට අරං බුලත් විටක් කාලා කට රතු කොරගෙන,ඔඩොක්කුවෙ පළාකොළ ගැට ගහගෙන,ජන කවියක් මුමුන මුමුනා දරමිටිය ඔලුවෙ තියාගන, ලොකු ලොක්කන්ගෙ මෑණියන්දෑලාත් සිහි කොරමින් එන සිරියාව දැක්කම හදිස්සියකටවත් විලාකටුපොත හන්දියට නොයා ගමේ දෙවැට පාර අයිනෙම ඉන්ඩ හිතෙනව බොලල්ලා..”

“ඔව්වොව් හත්මොළෙනුත් කීවනෙ රාජ්ජ සේවෙ දරන්ඩ බැරිකොම.රාජ්ජ සේවකයො කුඹුරට දාලා මායියලා දරකඩන්ඩ දැම්මම ඒ බරත් හෑල්ලු වෙනවා.

“ඩෝං”

“බුදු අම්මෝ”

ආයෙත් කොහෙං හරි කුමන්ත්‍රණේක සද්දෙ ආවා.
අබිලිංගෙ කඩේ බල්ලො උඩු බුරන්ඩ පටං ගත්තා.ඔයිම්මෙයිං ආයෙත් ගමම බලු සද්දෙං ඒකනාද වුණා.අබිලිං කපුවා හම්බු වෙලා එද්දිත් බලු නාද මැද්දෙං රූපවාහිනිය වැඩ.
පොරමිතියෙ පුරස්නයක් නැහැලු.

‘”අපලයක්”

අබිලිංට කියවුණා.

“ඩෝං”

“බුදු අම්මෝ’

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...