ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සම්බන්ධයෙන් අයිස්ලන්ත අගමැතිණි වැඩ වර්ජනයක

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්ත්‍රී පුරුෂ සමජභාවයමත පදනම්ව අයිස්ලන්තයේ පවතින වැටුප් විෂමතාවය හේතුවෙන් අද(24)දින අයිස්ලන්තයේ අගමැති ජාකොබ්ස්ඩොට්ටිර් ඇතුළු අයිස්ලන්තයේ කාන්තාවන් දස දහස් ගණනක් වැඩ වර්ජනයක නිරත වූ බව වාර්තා වේ.

‘අද දින මම වැඩ නොකරමි. සියලුම කාන්තාවන් ද එසේ කරනු ඇතැයි මම අපේක්ෂා කරමි’ ලෙස අයිස්ලන්තයේ අගමැතිය මාධ්‍ය වෙත ප්‍රකශ කිරීමත් සමඟ අද දවසේදී සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි ශ්‍රමිකයන්ගෙන් බහුතරයක් කාන්තාවන් වන ක්ෂේත්‍ර වල සම්පුර්ණ වැඩ කටයුතු අඩාල විය. පෙර පාසල් සහ ප්‍රාථමික පාසල් වසා දැමුණු අතර ගෘහනියන් පවා සිය සේවා වර්ජනය කරන ලදී.

අයිස්ලන්ත ගුරු සංගමයට අනුව, බාලාංශ ගුරුවරුන්ගෙන් 94% ක් ඇතුළුව, අධ්‍යාපන පද්ධතියේ සෑම තරාතිරමකම ගුරුවරුන්ගෙන් බහුතරය කාන්තාවන් වනවා පමණක් නොව සෞඛ්‍ය සේවා සැපයීමේදී 80%ක් කාන්තාවන් නියෝජනය කෙරේ. ලෝක ආර්ථික සංසදය (WEF) විසින් වසර 14ක් අඛණ්ඩව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා ලොව හොඳම රට ලෙස අයිස්ලන්තය ශ්‍රේණිගත කර ඇතිමුත් අයිස්ලන්ත අගමැතිනිය ප්‍රකශ කර තිබුණේ, තවමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා සහ හදිසි ක්‍රියාමාර්ග බලපැවැත්වෙන බවයි.

1975 වසරේදී අයිස්ලන්තයේ කාන්තා ශ්‍රම බලකායෙන් 90% ක් පමණ ආර්ථික ක්ෂේත්‍රයට කාන්තාවගේ ඇති වැදගත්කම ප්‍රදර්ශනය කරමින් සර්ථක වැඩ වර්ජනයක් මුල්වරට සිදු කළ අතර ඉන් අනතුරුව ඊළඟ වසරේ සිට සමාන වැටුප් නීතියක් සම්මත කිරීමට රටේ පාර්ලිමේන්තුවට සිදු විය. එය අයිස්ලන්තයේ කාන්තා විමුක්තිය සඳහා වූ පළමු පියවර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...