මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවට අලුත් පනත් කෙටුම්පතක්

Date:

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත, තවත් කරුණු එක්කර අලුත් කෙටුම්පතක් ලෙස යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි වාර්තාවේ.

පෙරේදා (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි ද පැවසේ.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා මිට සති කිහිපයකට පෙර සිවිල් සංවිධාන හා මාධ්‍ය සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග සාකච්ජා කළ බවත්, ඔවුන්ගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කළ සංශෝධන, තමා විදේශගතව සිටියදී නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදීරිපත්කර ඇතත්, ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබීම මත නීතිමය ප්‍රශ්නයක් මතුව ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කර ඇතැයි ද වාර්තාවේ.

එම තත්ත්වය තුළ සමාජ මාධ්‍ය නියාමනය සඳහා අලුතින් පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සහිතව ඉදිරිපත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දෙන්නැයි තමා නිතිපතිවරයාට දැනුම්දුන් බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි පැවසේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...