ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටෙපෙන්ස් (Paul Stephens) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත් මහතා හා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (25) පෙරවරුවේ කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි මහ කොමසාරිස් නිල නිවසේදී සිදු විය.

මෙහිදී, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් පීඩාවට පත් ජනතාවගේ විරෝධය යටපත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී සහ සමාජ මාධ්‍ය මර්දන පනත් පිළිබඳව ජාතික ජන බලවේගය විසින් තානාපතිවරයාගේ අවධානයට ලක් කරවන ලදී.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නොපැවැත්වීම, කල්දැමීම සහ මගහැරීමේ උත්සාහයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් අවධානයට ලක් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...