ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටෙපෙන්ස් (Paul Stephens) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත් මහතා හා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (25) පෙරවරුවේ කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි මහ කොමසාරිස් නිල නිවසේදී සිදු විය.

මෙහිදී, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් පීඩාවට පත් ජනතාවගේ විරෝධය යටපත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී සහ සමාජ මාධ්‍ය මර්දන පනත් පිළිබඳව ජාතික ජන බලවේගය විසින් තානාපතිවරයාගේ අවධානයට ලක් කරවන ලදී.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නොපැවැත්වීම, කල්දැමීම සහ මගහැරීමේ උත්සාහයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් අවධානයට ලක් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...