- ඉකුත් දින සිදුකළ කැබිනට් සංශෝධනය හුදු තනතුරු වෙනසක් මිස රටේ ප්‍රශ්නවලට ඵලදායී විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. නාමල් රාජපක්ෂ පවසයි: වත්මන් පාලනය වැනි සභාග රජයක් පවත්වාගෙන යාමේදී තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට යාන්ත්‍රණයක් තිබෙන බව සහතික කිරීම රජයේ වගකීම බව පවසයි.
- විදෙස් ශ්‍රමිකයින්ට ලබා දී ඇති විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර යොදාගනිමින් ආනයනය කළ බවට සැක කෙරෙන වාහන 07ක් රේගු භාරයට ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: ඒ අන්දමින් ම අලෙවි කළ බවට සැක කෙරෙන අනෙකුත් වාහන පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කෙරේ.
- සමනලවැව ජලාශයේ මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති ඒකකයක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: මෙම පාවෙන සූර්ය බලාගාර වෙත ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධකයන්ගෙන් මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා උනන්දුව ප්‍රකාශ කිරීමේ ලිපි (EOI) කැඳවීමට නියමිත ය.
- චීන පර්යේෂණ නෞකාවක් වන “Shi Yan 6” නැවත පිරවීමේ කටයුතු (replenishment) සඳහා අද කොළඹ වරායට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.
- 2023 සැප්තැම්බර්වල විට වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 168 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට වාර්තා වී ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.
- රජයට අයත් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බව වාර්තා වේ: මෙම සිදුවීමට අදාළව සේවකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
- රජය විසින් “තහනම්” පුද්ගලයන් සහ සංවිධාන ලැයිස්තුවෙන් වරක ඉහළ මට්ටමේ එල්ටීටීඊ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ එමිල් කාන්තන් ඉවත් කර තිබේ: ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජනරාල් කමල් ගුණරත්න විසින් මේ සඳහා වන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.
- රාත්‍රී කාලයේ සේවය කිරීමට කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සාප්පු සහ කාර්යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ: කාන්තාවන්ට, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ සේවය කරන කාන්තාවන්ට වැඩි අවස්ථා ලබා දීම සංශෝධනයේ අරමුණ බව සඳහන්.
- දේශීය හා ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යාන්ත්‍රණයන් සැසඳීමට හැකිවිය යුතු බව සමඟි ජන බලවේගයේ “ආර්ථික ගුරු” පා.ම. හර්ෂ සිල්වා පවසයි: රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ට වඩා වර්ධනය වුවහොත්, ජාත්‍යන්තර ණය හිමියන්ට ලැබෙන ඕනෑම ප්‍රතිලාභයක් සේවක අර්ථසාධක අරමුදල වෙත ද ලැබෙනු ඇති බවට සහතික කිරීම වෙනුවෙන් කැපවන බව පවසයි: කෙසේවෙතත්, 2022 අප්‍රේල් මසට ප්‍රථම ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ප්‍රතිව්‍යූහගත කිරීම, රුපියල පා කර හැරීම, බදු ඉහළ දැමීම සහ දැඩි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලක් සඳහා හර්ෂ ද සිල්වා දැඩි ලෙස පෙනී සිටි පුද්ගලයෙකි.
- 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී, පිරිමි ජෙවලින් විසිකිරීමේ ඉසව්වේ (F64) රිදී පදක්කම සමිත දුලාන් ට; කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් (T47) රිදී පදක්කම ජනනි ධනංජනා ට; කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් (T47) ලෝකඩ පදක්කම කුමුදු ප්‍රියංගිකා ට; පිරිමි වෙඩි තැබීමේ ඉසව්වෙන් (F63) ලෝකඩ පදක්කම පාලිත බණ්ඩාර ට.
