ඉන්දියාවේදී පෙරට ඇදෙන විරේන් සහ ආශිංස

Date:

ඉන්දියාවේ පැවත්වෙන ඉන්ෆෝසිස් ෆවුන්ඩේෂන් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සහ ආශිංෂ හේරත් සිය පළමු තරග ජය ගන්නට සමත් වුණා.මේ වන විට ආසියාවේ සිවිශිෂ්ඨ බැඩිමින්ටන් සංස්කෘතියක් සහිත රටක් වන ඉන්දියාවේ බිහිවන දක්ෂයන්ට ජාත්‍යන්තර වශයෙන් ඇති තරගකාරීත්වය නිසා සිය මව්බමේ දි දක්ෂතා දක්වන්නට මෙවැනි තරග සංවිධානය කරන බව දැනෙන්නේ මෙ තරගාවලිය ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් ගහන තරගාවලියක් බවට පෙනෙන නිසයි.

එහිදී විරේන්ට සිය පළමු තරගය ජය ගන්නටම විශාල තරගයක් දෙන්නට සිඳු වුණා.ඒ ආර්යමන් තන්ඩන්ට එරෙහිවයි.එම තරගය වට 3 ක් පුරා පැවති අතර එහිදී විරේන් තරගය ජය ගත්තේ 16 – 21,23 – 21 සහ 21 – 13 ක් ලෙසයි.තරගය පුරාවට දකින්නට ලැබුණ විශේෂත්වය වූයේ විරේන් ප්‍රතිවාදියා ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණයට ලක් කරමින් ජයග්‍රහණයට පිවිසීමට අවශ්‍යය විශ්වාසය සහ දක්ෂතාවය කහවුරු කර ගැනීමයි.විනාඩි 48 ක් සටන් වැද ජය ගත් එම තරගයෙන් පසුව විරෙන් අද හමුවන්නේ ඉන්දියාවේ තරුන් මාන්නපල්ලියි.

ආශිංස සිය තරගය වට 2- 0 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.ඔහුගේ ප්‍රතිවාදිය වූ ඉන්දීය ක්‍රීඩක ශ්‍රේනාස් ජයිස්වල්ට එරෙහිව ආශිංෂ 21 – 18 සහ 21 – 15 ක් ලෙස එම තරගය ජය ගත්තා.අද ආශිංෂට එරෙහිව ඉන්දියාවේ මේර්බා ලුවාන්ග් තරග වැදීමට නියමිතයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...