ජනනි සහ කුමුදුගේ පදක්කම් රිදි සහ ලෝකඩ වුවත් පැවති වාර්තාව ඉකමවා යයි

Date:

චිනයේ පැවත්වෙන ආසියානු පාරා ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඊයේ දිනයේ තවත් රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමි වුණා.ටී 47 කාණඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක කණ්ඩායමේ තවත් විශාල කාලයක් තරග වැදීමට හිමිකම් ඇති ජනනි ධනංජනා දුර පැනීමේ රිදී පදක්කම සිය ගෙළ පැළඳ ගන්නට සමත් වුණා.

විශේෂත්වය වුණේ ඇය පැවති ආසියානු පැරා තරගාවලි වාර්තාව අභිබවමින් මිටර් 4.89 ක දක්ෂතාවයක් දැක්වීමයි.නව වාර්තාව ලෙස ඉන්දියානු ක්‍රීඩිකා සුරේෂ් නිමිෂා මිටර් 5.15 ක දක්ෂතාවයක් දැක් වූ අතර තෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාවේම කුමුදු ප්‍රියංකා දැක් වූ මීටර් 4.76 ද පැවති වාර්තාව අභිබවා යාමක් වුණා.මෙහිදී ශ්‍රී ලංකාවට එම ඉසව්වේ පැවති වාර්තාව සම්බන්ධයෙන් තිබුණ කීර්තිය අහිමි වන්නේ එහි පැරණි වාර්තාවට හිමිකම් කීවේ 2018 දී එම ඉසව්ව ජයගත් ශ්‍රි ලංකාවේ අමරා ඉන්දුමතී නිසයි.ඇය තබා තිබුණ වාර්තාව වූයේ මීටර් 4.62 ක්.එහෙත් මේ දස්කම් පැහැදිළි කරන්නේ ශ්‍රී ලංකාවේ එම ඉසව්වේ දුර පනින්නියන් අමාරාව ඉක්මවා යන්නට තරම් දක්ෂතාවලින් පෙරට පැමිණ තිබෙන බවයි.

එසේම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ රිදී පදක්කම්ලාභි පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාවට සිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා දුන්නා.පාලිත මීටර් එෆ් 63 ඉසව්වේදී මීටර් 14.15 ක් වූ සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය සටහන් කරමින් මෙම පදක්කම ශ්‍රි ලංකාවට දිනා දුන්නා.

ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි දිනේෂ් ප්‍රියන්තට එෆ් 46 ඉසව්වේ රන් පදක්කම පමණක් නොව කිසිඳු පදක්කමක් දිනා ගැනීමට නොහැකි වුණා.ඉන්දියාව එහි රන් රිදී ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනා ගත්තා පමණක් නොව දිනේෂ් සතුව පැවති ලෝක වාර්තාව,ආසියානු වාර්තාව සහ ආසියානු පැරා තරගාවලි වාර්තාවද මීටර් 68.60 ක් දස්කමක් සමඟින් හිමි කර ගන්නට ඉන්දියාවේ ගුර්ජාර් සුන්දර් සිං ට හැකියාව ලැබුණා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...