ආපු ඩීසල් නැවට ගෙවන්නවත් සල්ලි නෑ – ගම්මන්පිල

Date:

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන සංචිත ප්‍රමාණය සීමිත බැවින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ නිසා දෛනිකව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සමස්ත ඉල්ලුමෙන් 50% කට සීමා කර ඇති බවද ඇමතිවරයා පවසනවා.

වර්තමානයේදී ඇතැම් ප්‍රදේශවල ඉන්ධන හිගයක් මතුව තිබෙන්නේ මේ නිසා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයන කටයුතුද අත්හිටුවීමට සිදුව ඇති බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ මේ වනවිට කොළඹ වරාය වෙත පැමිණ තිබෙන ඩීසල් නෞකාව සඳහාද තවමත් මුදල් ගෙවා නොමැති බවයි. ඒ සඳහා අවශ්‍ය ඩෙලර් මිලියන 35 ක මුදල මෙතෙක් සොයාගෙන නොමැති බවද ඔහු සඳහන් කරනවා.

මේ වනවිට විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමද සීමා කර ඇති අතර දෛනිකව ලබාදෙන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000 ක් දක්වා සීමා කර ඇත. එම ප්‍රමාණයද ලබා දෙන්නේ තෙල් සංස්ථාව සමග නීතිමය බැඳීමක් පවතින කැලණිතිස්ස සොජිස්ට් බලාගාරය සඳහා බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...