ආපු ඩීසල් නැවට ගෙවන්නවත් සල්ලි නෑ – ගම්මන්පිල

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන සංචිත ප්‍රමාණය සීමිත බැවින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ නිසා දෛනිකව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සමස්ත ඉල්ලුමෙන් 50% කට සීමා කර ඇති බවද ඇමතිවරයා පවසනවා.

වර්තමානයේදී ඇතැම් ප්‍රදේශවල ඉන්ධන හිගයක් මතුව තිබෙන්නේ මේ නිසා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයන කටයුතුද අත්හිටුවීමට සිදුව ඇති බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ මේ වනවිට කොළඹ වරාය වෙත පැමිණ තිබෙන ඩීසල් නෞකාව සඳහාද තවමත් මුදල් ගෙවා නොමැති බවයි. ඒ සඳහා අවශ්‍ය ඩෙලර් මිලියන 35 ක මුදල මෙතෙක් සොයාගෙන නොමැති බවද ඔහු සඳහන් කරනවා.

මේ වනවිට විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමද සීමා කර ඇති අතර දෛනිකව ලබාදෙන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000 ක් දක්වා සීමා කර ඇත. එම ප්‍රමාණයද ලබා දෙන්නේ තෙල් සංස්ථාව සමග නීතිමය බැඳීමක් පවතින කැලණිතිස්ස සොජිස්ට් බලාගාරය සඳහා බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...