ආණ්ඩුව හොඳටම පරක්කුයි, IMF දොර වැහිලා ඉවරයි – හර්ෂ ද සිල්වා

Date:

ඉන්ධන අර්බුදය හරහා මතු වූ විදුලි අර්බුදය හේතුවෙන් මේ වනවිට රටේ ජනතාව බරපතල පීඩනයකට ලක්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඉන් නොනැවතී ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයටද බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඒ හරහා බැංකු පද්ධතියද අර්බුදයට යාමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ සියලු අර්බුදවලට හේතුව වන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යන ලෙස පාර්ශ්ව රැසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් ඊට කන්දීමට ආණ්ඩුව සූදානම් නොවූ බවත්, ඒ වෙනුවට විවිධ පැලැස්තර විසඳුම් යෝජනා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් සුළු පිරිසක් පෙන්වා හෝ වෙනත් පැලැස්තර විසඳුම් පෙන්වා හෝ මෙම දැවැන්ත අර්බුදය විසඳිය නොහැකි බවත්, තිබූ එකම විසඳුම අර්බුදය නිවැරදිව හඳුනාගෙන මුල්‍ය අරමුදල හමුවට යාම බවත් හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රයාමාර් හේතුවෙන් මේ වනවිට එම අවස්ථාවද අහිමි වී ඇති බවයි මන්ත්‍රීවරයා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් සඳහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහන ලබා ගැනීමට තිබූ කාලසීමාව මේ වනවිට අවසන් වී ඇති බවත්, ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දොරට වැසී ඇති බවත් ඔහු පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිසිදු රටකට නීති පැනවීමට හෝ කොන්දේසි පැනවීමට හෝ කටයුතු නොකරන බවයි. IMF බිල්ලෙකු ලෙස හදුන්වමින්, අර්බුදය විසඳා ගැනීමට තිබූ අගනා අවස්ථාව ආණ්ඩුව විසින් අහිමි කරගෙන ඇති බව ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...