වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු සහ තවත් සිසුන් කීපදෙනෙකු අත්අඩංගුවට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හොර උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” යන මැයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (27) සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අවස්ථා දෙකක දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ,එහි දී එම කමිටුවේ කැඳවුම්කරු ඇතුළු සිසුන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් මෙම පාගමන ආරම්භ වූ අතර , එහි සිට විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙසට ගමන් ආරම්භ කළ අතර, විරෝධතාකරුවන්ට විසිර යන ලෙසට පොලීසිය නිවේදනය කළ ද එය නොතකා ඔවුන් ඉදිරියට ඇදීමේ දී පොලිසිය ඔවුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ප්‍රහාරය හමුවේ විහාර මහාදේවි උද්‍යානය හරහා ප්‍රධාන මාර්ගයට පැමිණි ඔවුන් යළි මහවැලි කේන්ද්‍රය අසලට විත් පාගමන ආරම්භ කිරීමට උත්සාහ කළ අතර, විරෝධතාව අතරතුර දී පොලිසිය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව සහභාගී සියළු විරෝධතාකරුවන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...