ස්පාඤ්ඤයේ පූජකවරුන් ළමුන් 200,000කට අධික ප්‍රමාණයක් ලිංගික අපයෝජනයට ලක්කළ බව හෙළි වේ

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ස්පාඤ්ඤයේ ඔම්බුඩ්ස්මන්වරයාගේ නායකත්වයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවකට අනුව 1940 සිට රෝමානු කතෝලික පූජකයන් විසින් ස්පාඤ්ඤයේ 200,000කට අධික බාලවයස්කාරයන් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව වර්තා වේ.

අහඹු ලෙස වැඩිහිටියන් 8,000 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් කරන ලද මත විමසුමකදී ඉන් 0.6% ක් කියා තිබුණේ, තමන් කුඩා කාලයේ පූජකයන් අතින් ලිංගික අපයෝජනයට ලක් වූ බවයි.
මෙම අගය ස්පාඤ්ඤයේ මිලියන 39ක් පමණ වන වැඩිහිටි ජනගහනයෙන් 200,000කට පමණ සමාන වේ.

සාම්ප්‍රදායිකව කතෝලික රටක් වන ස්පාඤ්ඤයේ පූජක අපචාර චෝදනා දැන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මොහොතකට පෙර ස්පාඤ්ඤ බිෂොප්වරුන්ගේ සමුළුව පැවසා තිබුණේ, මෙම වාර්තාවේ විවේචනාත්මක සොයාගැනීම් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කැඳවීමට නියමිත බවයි.

2022 වසරේදී බොස්ටන් ග්ලෝබ් පුවත්පත පල්ලියේ අපයෝජන සිද්ධීන් හෙළි කිරීමත් ජාත්‍යන්තර වේදිකාව තුළද මේ පිළිබඳ සාකච්ඡා ඇති විය.

එක්සත් ජනපදය, චිලිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, අයර්ලන්තය ආදී රටවල පල්ලියේ අපයෝජන පිළිබඳ පර්‍යේෂණ සිදු විය. ජර්ම්නියේ 1946 සහ 2014 අතර අපයෝජන සිද්ධීන් 3,677 ක් සොයාගෙන ඇති අතර අයර්ලන්තයේ එය 14,500ක් ලෙස වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...