අන්තර්ජාලයෙන් මව්කිරි වෙළඳාමට සීමා

Date:

විවිධ හානිකර බැක්ටීරියා, මත්ද්‍රව්‍ය සහ වෛරස අඩංගු විය හැකි බවට අනතුරු අඟවමින්, අන්තර්ජාලය හරහා මිනිස් මව්කිරි විකිණීමේ ප්‍රවණතාව වර්ධනය වීම පිළිබඳව විශේෂඥයන් අනතුරු ඇඟවීමක් කර ඇත.

අනාගතයේදී මව්කිරි අන්තර්ජාලය හරහා විකිණීම නැවැත්වීම සඳහා internet automatic filters යාවත්කාලීන කර ඇති බව eBay වෙබ්අඩවිය සඳහන් කරයි.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පර්යේෂකයෙකු වන වෛද්‍ය සාරා ස්ටීල් පැවසුවේ මානව මව්කිරි අන්තර්ජාලයේ වෙබ්අඩවි තුළ කලක සිට අලෙවි කර ඇති බවයි. එසේම මෑත සතිවල කාන්තාවන් තම මව්කිරි කායවර්ධනකරුවන්ට විකිණීමෙන් පවුම් 10,000 ක් වැනි මුදලක් උපයන බවට සමාජ මාධ්‍යවල වාර්තා කර තිබිණ.

එක්සත් රාජධානියේ කිරි බැංකු ගණනාවක් ඇත, ඒවා අවශ්‍ය ළදරුවන්ට මිනිස් මව්කිරි නොමිලේ සපයයි. කෙසේ වෙතත්, මේවා සාමාන්‍යයෙන් දුම්පානය හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දෑ හි නියුතු පරිත්‍යාගශීලීන්ගේ ජීවන රටාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව බැංකු ගත කර තිබේ.

එසේම HIV, හෙපටයිටිස් B සහ සිෆිලිස් ඇතුළු වෛරස ආසාදන පිළිබඳවද කිරි පරිත්‍යාගශීලීන්ගේ පරීක්ෂා කිරීමක් සිදු කර තිබේ.

වෛද්‍ය සාරා ස්ටීල් පැවසූ තවත් අවදානමක් නම්, අන්තර්ජාලය හරහා අලෙවි කරන මෙවැනි මිනිස් මව්කිරි එළකිරි හෝ වෙනත් දියර සමඟ තනුක කළ හැකි අතර, ගබඩා කරන බෑග් වලින් රසායනික BPA වැනි වෙනත් ද්‍රව්‍යසංගටක වලින් අඩංගු විය හැකි බවයි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...