සාඩෝ රන් ආකර ගැටුම

Date:

1940 ගණන්වල වහල් ශ්‍රමය භාවිතා කරමින් නිශ්පාදනය කෙරුනු සාඩෝ රන් ආකර සංකීර්ණය සඳහා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලැයිස්තුගත කිරීම සඳහා ජපන් රජය සිදු කල ඉල්ලීම ගැන දකුණු කොරියානු සෝල් පාලනය සිය දැඩි විරෝධය පල කර තිබේ.

කොරියාවෙන් බලහත්කාරයෙන් ශ්‍රමය යොදාගනිමින් ජපානයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ දූපතක රන් හා රිදී පතලක් සඳහා මෙසේ යුනෙස්කෝ ලෝක උරුමය සඳහා ඉල්ලුම් කිරීමෙන් පසු ජපානය දකුණු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඉස්මතු වී තිබේ.

ජපානයේ එදවස වහල් ශ්‍රමය මත යැපුනු කාර්මික ස්ථාන බොහෝමයක් පවතින අතර, පතල් රැසක් ඒ අතර, වේ.

1910-1945 කොරියානු අර්ධද්වීපයේ ජපානයේ යටත් විජිත පාලන සමයේදී කොරියානුවන් 780,000ක් පතල් හා ඒ ආශ්‍රිත කර්මාන්තශාලාවල සේවය කළ අතර බොහෝ අය මර්දනකාරි පාලන තත්වයන් යටතේ , නිසි වැටුප් හෝ නිවාඩු නොමැතිව සේවය කර ඇත.

ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා සහ හිටපු අගමැති ෂින්සෝ අබේ ඇතුළු ඔහුගේ පක්ෂයේ කොන්සර්වේටිව්වරුන්ගේ යෝජනාවලින් පසු මේ මාසයේ මෙම පතල් නම් කර ඇත.

මෙයට දකුණු කොරියාවෙන් විරෝධතාවයක් ප්‍රතිචාරයක් වශයෙන් යොමු කල අතර, එරට විදේශ අමාත්‍යාංශය ජපානයට සිය දැඩි අප්‍රසාදය පල කර තිබේ.

මෑත වසරවලදී, හිටපු කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල කණ්ඩායම් Nippon Steel සහ Mitsubishi Heavy Industries වැනි බලවත් සමූහ ව්‍යාපාර ඇතුළු ජපන් සමාගම්වලින් පෙරපැවති තත්වයන් සලකා බලා කම්කරු වන්දි ලබා ගැනීමට උත්සාහ කර ඇත.

එහෙත්, 1965 ද්විපාර්ශ්වික ගිවිසුමක් මගින් එවකට යුද්ධයෙන් පැන නගින වන්දි හා හිමිකම් සම්පූර්ණයෙන්ම විසඳන ලද බව ජපානය එකඟතාවය පල කර තිබේ.

එවැනි තත්වයක්තුල එකි තීන්දුවට අනුකූල නොවන ජපන් සමාගම්හි දකුණු කොරියාවේ පවතින ඔවුන්ගේ වත්කම් අත්පත් කර ගැනීමේ අවදානමකට ලක්ව ඇත.

මෙම පියවර දෙරටේම ආර්ථිකයට හා එකඟතාවයන්ට හානියක් වනු ඇත.

1989 දී වැසී ගිය වසර 400ක් පැරණි, අර්බුධයට ලක්ව ඇති ජපානය සතු Sado පතල් සංකීර්ණය වරක් ලොව විශාලතම රන් නිෂ්පාදකයන් විය.

ජපන් ඒකාධිපති පාලක මෙයිජි යුගයේ ( 1868-1912 ) කාර්මික ස්ථාන 20 ට වඩා වැඩි ප්‍රමාණයක් යුනෙස්කෝ ලෝක සංස්කෘතික උරුම ලැයිස්තුවට 2015 දී එකතු කරන ලදී.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත්?

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : ඉරානය සහ ඊශ්‍රායලය...

යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට තියෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : යළ කන්නයට ප්‍රමානවත්...

‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට...