අයෝමාල්ගේ කඩුල්ලේ ප්‍රශ්නයක් නැහැ – සමන් කුමාර තව දුරටත් සහතික කරයි

0
474

නිමා වූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මලල ක්‍රීඩකයා වන්නට අවශ්‍යය ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහන් පොතේ වැඩිම ලකුණු ගණන ලබා ගත් අයෝමාල් අකලංකට ලබා නොදීමට ඔහු ධාවනය කළ කඩුල්ලේ උස ප්‍රමාණවත් නොවීම හේතුවක් නොවන බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන තව දුරටත් අනාවරණය කරයි.

පාසල් මලල ක්‍රීඩා සංගමයට සහභාගි වී එහි නිලධාරියෙකු එම තේරීම නිවැරදි බවට පළ කළ අදහස් ගැන විමසීමට අප නැවත සමන් කුමාර ගුණවර්ධන ඇමතූ අවස්ථාවේ ඔහු ඒ බව අවධාරණය කළේය.නැවතත් ඔහු පෙන්වා දුන්නේ එය ජාත්‍යන්තර වශයෙන් වයස් සළකා ඇති කළ උසක් මිස උස අනුව දක්ෂතා සළකා නොසළකා හැරීමට සකස් කළ එකක් නොවන බවය.

සමන් කුමාර පෙන්වා දෙන්නේ අකලංක දක්වා ඇති තත්පර 51.11 ක දක්ෂතාවය එම වයස් කාණ්ඩයේ මේ වසරේ දක්වා ඇති ලොව හොඳම සිව්වන දක්ෂතාවය ලෙසය.


https://worldathletics.org/records/toplists/hurdles/400m-hurdles-840cm/outdoor/men/u18/2023?regionType=world&timing=electronic&page=1&bestResultsOnly=true


එසේම අප විසින් කරන ලද නිරීක්ෂණයන්ට අනුව ලෝක ඉතිහාසයේ එම දක්ෂතාවය 46 වන තැනට වැටෙයි.

සමන් කුමාර තව දුරටත් පෙන්වා දෙන්නේ අකලංකට දක්ෂතම ක්‍රීඩාකයා ලෙස ඇගයීම නොදීම එම ක්‍රීඩා උළෙලේම ඇතැම් තීරණ සමඟ එකඟ නොවන බවය. ක්‍රීඩා උළෙලේ හොඳම විසිකිරීම් ඉසව්වට හිමි සම්මානය දිනා ගන්නේ ජ්‍යෙෂ්ඨ කවපෙත්තට වඩා අඩු බරැති කවපෙත්තකින් අවුරුදු 16 න් පහළ ඉසව්වේදී පෑ දක්ෂතාවයක්ය.

අප යෝජනා කරන්නේ එම කණිෂ්ඨ ක්‍රීඩකයාද කපා දැමීමට නොවේය.කපා දැමූ ක්‍රීඩකයාට සාධාරණය ඉටු කර මෙම ක්‍රීඩකයින් දෙදෙනාම අනාගතයට රැගෙන යාමේ වැදගත්කමය.

දැන් ප්‍රශ්නය තවත් සංකීරණ වි ඇත.මේ තත්ත්වය අනුව කඩුලු ඉසව්වලදී දක්ෂතම ක්‍රීඩකයා ලබා දීම කඩුල්ලේ උස අනුව සිඳුවන බව සහ එය වීසිකිරීම් ඉසව්වලදී එම උපකරණවල බර අනුව තීරණය නොවන දෙයක්ය.ඒ නිසා අප මේ සටහන ප්‍රසිද්ධ වූ පසුව අපව ආමන්ත්‍රණය කළ නිලධාරියාට මෙන්ම අධ්‍යක්ෂවරයාට ද යොමු කරන්නෙමු.ඒ කවුරුන් හෝ මේ සිද්ධාන්ත ගැන ඉහළ දැණුමක් තිබෙන නිලධාරියා හරහා එම තේරීම්වලට පදනම් වූ ජාත්‍යන්තර උපදේශ දැන ගැනීම පිණිසය.කුීඩාව ගැන සමාජය ඉහළ දැණුමෙන් සන්නද්ධ කරන්න මඟ පෙන්වීමද මාධ්‍ය මෙහෙවරක්ය.

එම කාරණා අපට යොමු කළ පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයාට යොමු කරන අතර ඒ අනුව ඔහුට ද,සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සටහන් කළ නිලධාරීන්ගේ නව දැණුම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ උන්නතිය සඳහා භාවිතයට ගන්නට හැකියාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ