ඊගල්ස් මෝන්සූන් කුසලාන නිශාන්තට සහ ප්‍රවීනාට

Date:


ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මෝන්සූන් කුසලාන 2023 කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලියේ පිරිමි අංශයේ ශුරතාවය නිෂාන්ත පෙරේරා විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශුරතාවය හිමිකර ගත්තේ ප්‍රවීණා දුනුවිලය.

පිරිමි අංශයේ අනුශුරතාවය රවී ලියනගේට ද කාන්තා අංශයේ අනුශුරතාවය රොෂානි සන්ගානි ට ද හිමි විය.මෙම තරඟාවලියේදී ඊගල්ස් මෝන්සූන් කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙ’අංශයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදුනු අතර එහිදී පැවති ත්‍රිවිධ හමුදාව සඳහා වූ තරගයේ දී දක‍ෂතම ක්‍රිඩකයාට පිරිනැමෙන ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්න විසින් දිනා ගත් අතර අනුශුරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කැප්ටන් ආනන්ද දිසානායකට හිමි විය.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝමිබර් මස 29 වන ත්‍රිකුණාමලය චයිනබේ ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයේදී පැවත්විණි.මෙම අවස්ථාවට සහභාගි වූ ජයග්‍රාහකයන් සියලු දෙනා දැක්වෙන ඡායාරූපයක් ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන අතර සෙසු ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ පිරිමි සූරතාවය දිනා ගත් නිශාන්ත පෙරේරා සහ ප්‍රවීනා දුනුවිල ගුවන් හමුදාපතිවරයා අතින් එම ජය සංඛෙිත ලබාගත් අයුරුයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...