විරෝධතා පාගමනට ප්‍රදේශ කීපයක් තහනම් කරමින් නියෝගයක්! කොළඹ ලෝටස් පාරේ එක් මංතීරුවක්ද වැසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (01) සංවිධානය කර ඇති විරෝධතා පාගමනකට අදාළව කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇත. වැඩි කළ විදුලි බිලට එරෙහිව මෙම පාගමන සංවිධානය කර තිබුණි.

ඒ අනුව මෙම පාගමනේ සාමාජිකයන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර ඇතුළු ස්ථාන ගණනාවකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර ඇත.

විරෝධතාකරුවන් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇති විය හැකි බවත් , ඔවුන් රාජ්‍ය දේපළවලට, රාජ්‍ය නිලධාරින්ට හානි කළ හැකි බවත් කියමින් කොටුව, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානිධිපතිවරුන් සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය සිදුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ, රැස්වීමේ නිදහසේ ගමන්බිමන් යෑමේ නිදහස ආරක්‍ෂා කිරීමට අධිකරණය බැඳී ඇති බැවින්, අදාළ පාගමනට එක්වන ජනතාව සාමකාමීව කටයුතු කරන ලෙස දන්වා සිටි මහෙස්ත්‍රාත්වරයා එලෙස කටයුතු නොකරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දී ඇත.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ – මීගමු මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග අවහිර වීමට හැකියාව ඇති බවත්, එසේ වුවහොත් එම මාර්ග භාවිතා කරන සාමකාමී ජනතාවට පීඩා ඇතිවිය හැකි බවත් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා විය හැකි බවත් , ජාතික ආර්ථිකයට හානි විය හැකි බවත් සඳහන් කළ පොලිස්ථානාධිපතිවරු විරෝධතා පාගමන හේතුවෙන් පොදු දේපළ පනත, මංමාවත් පනත, පොලිස් ආඥා පනත හා දණ්ඩ නීතී සංග්‍රහය උල්ලංඝනය විය හැකි බවත් පෙන්වා දී ඇති අතර, රන්ජන් ජයලාල් ඇතුළු 5 දෙනෙක් වග උත්තරකරුවන් කරමින් නියෝග ඉල්ලා සිටියේය.

මේ අතර වෘත්තීයවේදීන්ගේ විරෝධතාව හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ග අවහිර වී ඇති බැවින්, අදාළ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වසා දැමීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...