අදායම් හොයන්න නම් බදු වැඩි කරන්නම වෙනවා – රවී

Date:

කොළඹ LNW:ආණ්ඩුව ආදායම් උපාය ගැනීමට නම් බදු වැඩි කළ යුතු වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

රට වැටී තිබෙන බංකොලොත්භාවයෙන් එළියට පැමිණීම සඳහා බදු වැඩි කිරීමට සිදුව ඇති බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන දේවල් එලෙසින්ම පිළිගත යුතු නැතත් ආණ්ඩුවක් කෙසේ හෝ ආදායම් ඉපයිය යුතු බව ඔහු කියා සිටියි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් මීට වඩා කාර්යක්ෂම විය යුතු බවත් රට බංකොලොත් වූයේ තාවකාලික තෘප්තීන් ඉටුකරගැනීමට යාමෙන් බවත් රවී කරුණානායක මහතා පවසයි.

පවතින තත්ත්වය මත දේශපාලන පොරොන්දුද රටට ඔරොත්තු දෙන ඒවාදැයි බැලිය යුතු වන බවද ඔහු ප්‍රකාශ කරයි.

යෝජිත වැට් බද්ද වැඩි කිරීම ගැන අදහස් දක්වමිනුයි අද (02) මාධ්‍ය වෙත රවී කරුණානායක මහතා මෙම අදහස් දක්වා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...