යුද්දෙ පෙරටු කරන් රාජපක්ෂලා රට විනාශ කළා. ඒ සොරා කෑ මුදල් නැවත රටට අත්කර ගන්නවා – සජිත් (VIDEO)

Date:

එක්තරා කුහකයින් පිරිසක් සජිත් ප්‍රේමදාස පාසල්වල දේශපාලනය කතා කරනවා කියා චෝදනා කරන බවත් මේ රටේ දූදරුවන් 41 ලක්ෂය මේ රටේ වැඩිහිටි දේශපාලනඥයන් කරන දේවල් නොදන්නවා කියා සිතා පාසල්වල දේශපාලනය කතා කරන්න එපා ඇයි කියන බවත් පාසල් ළමුන්ට පවා රටේ සිදුවන දේවල් දැන ගැනීමේ අයිතිය පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් සිදු කිරීම දේශපාලනය කතා කිරීමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් කිසිවකුටත් තමාගේ කට වැසීමට නොහැකි බවත් දේශාභිමානයේ නාමයෙන් යුද ජයග්‍රහණයේ නාමයෙන් එක් පවුලක් රටේ ජනතාවගේ ජාතික සම්පත් සොරා කෑ අයුරු දැනගත යුතු බවත් යුද්ධය අවසන් කලාට ඔවුන්ට රට සින්නක්කරව ලියා දී නොමැති බවත් මේ පුද්ගලයන් රටේ සම්පත් සොරා කෑ අයුරු පැන්ඩෝරා පත්‍රිකා මඟින් ද හෙළි වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මෙසේ රට විනාශ කළ රාජපක්ෂලා වෙනුවෙන් තමා කඩේ නොගිය නිසා ඔවුන්ට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කර සොරා කෑ මුදල් නැවත රටට අත්කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 41ක් සදහා රුපියල් ලක්ෂ 374ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...