AI ලෝකයට වෙනසක් කරයි ද? මස්ක්ගෙන් රිෂී සුනක් ට පැහැදිලි කිරීමක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉකුත් බ්‍රහස්පතින්දා AI හෙවත් කෘතීම බුද්ධියෙහි අන්තරායන් සහ අවස්ථාවන් පිළිබඳව බ්‍රිතාන්‍යයේ පැවති සමාරම්භක AI ආරක්ෂණ සමුළුව අවසන් කරමින් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සමඟ වාඩි වී සංවාදයක යෙදුණු Elon Musk කෘතිම බුද්ධිය යනු “ඉතිහාසයේ වඩාත්ම කඩාකප්පල්කාරී බලවේගයන්ගෙන් එකක්” බව ප්‍රකාශ කළේය.

“AI බොහෝ දුරට යහපත සඳහා බලවේගයක් වනු ඇතැයි” මස්ක් පැවසූ නමුත් එය නරක අතට හැරීමේ සම්භාවිතාව සියයට බිංදුවක් නොවන බව ද එහි දී පෙන්වා දුනි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට සංවාදය විවෘත කිරීමට පෙර, බොහෝ විට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා භාවිතා කරන මධ්‍යම ලන්ඩනයේ රජයේ ස්ථානයක් වන ලැන්කැස්ටර් හවුස් හි වේදිකාවක සිට බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ මස්ක් එක්ව සම්මුඛ සාකච්ඡා පන්නයේ කතාබහක යෙදිණි. එම සංවාදය පසුව මස්ක්ගේ X ගිණුමේ ප්‍රවාහය සඳහා පළ කරන ලදී.

බ්ලෙච්ලි පාර්ක් හි පැවති දෙදින උත්සවය පුරාවට මස්ක් එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස්, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් සහ අනෙකුත් කැපී පෙනෙන දේශපාලනඥයන් සහ ගෝලීය තාක්‍ෂණ නායකයින් සමඟ පැමිණ සිටියේය. මෙම අවස්ථාවට චීන නිලධාරීන් ද එක්ව සිටියහ.

“මේ අවස්ථාවේදී මිනිසුන් AI(කෘතීම බුද්ධිය) බැරෑරුම් ලෙස සලකන බව දැකීමට ලැබීම ගැන මම සතුටු වෙමි,” මස්ක් බ්‍රහස්පතින්දා රිෂී සුනක් සමඟ පැවසීය. මේ පැවැත්වූ සමුළුව ඉතා වැදගත් ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ඔහු විශ්වාස කරන බවද එහිදී ඔහු කියා සිටියේය.

AI තාක්ෂණයෙන් ඉදිරි අනාගතයට රැකියා අවශ්‍යතාවයක් නොමැති බවත් මෙමඟින් ලෝකයේ පරිවර්තනයක් ඇතිවිය හැකි බවත් වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...