තවත් ජාත්‍යන්තර තහනමකට අත වනයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා නව අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට වැඩිපුර නීති කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිස් ඇතුළත් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව එස්.අයි.ඉමාම් සහ රෝහිණී මාරසිංහ යන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනාද,විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා ද,නීතිඥයකු වන අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙ පුත් රඛිත රාජපක්ෂ ද එක් කර ඇත.සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු වශයෙන් සිටි ජයන්ත ධර්මදාසගේ සොහොයුරා වන හිටපු සභාපතිවරයෙකු වන උපාලි ධර්මදාස සහ හිෂාම් ජමාල්ඩීන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන අත පෙවීම් සිදුවෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධානයෙන් සිටින මොහොතක අමාත්‍යවරයා විසින් ගත් මේ තීරණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර වශයෙන් තහනමකට ලක්වීමට විශාල ඉඩකඩක් පවතියි.එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සහ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායක වන ක්‍රිකට්,පාපන්දු සහ රගර් යන ප්‍රධාන ක්‍රීඩා තුනම දේශපාලන හේතු මත තහනමට ලක් කිරීමට හැකි වූ අමාත්‍යවරයෙකු ලෙස රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉතිහාසයට එක් වෙනු ඇත.

ලෝක කුසලානයට සහභාගි වන ක්‍රිකට් කණ්ඩායමට තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී මේ තීරණය ගැනීම මෙන්ම එම තීරණයට අනුව හිටපු ලෝක සූර ක්‍රිකට් නායකයෙක් වන අර්ජුන රණතුංග එම වගකීම භාර ගැනීමත් පුදුම එලවන සුළුය.

අමාත්‍යවරයා මේ දක්වා ගත් සියලු තීරණවලට උපදෙස් සැපයීම සහ මඟ පෙන්වීම වගකීමක් ලෙස පැවරුණු ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන්නේ ද අර්ජුනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...