ප්‍රාදේශීය ලේකම්වරුන් අස්වැසුම කටයුතු වලින් ඉවත් වීමට තීරණයක්!!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අස්වැසුම වැඩසටහනේ පවතින ගැටළු විසඳීම සඳහා සුබසාධක මණ්ඩලය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව ගත් පියවරක් ලෙස, අද ආරම්භ වන අස්වැසුම සතියේ කටයුතුවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇති බවයි.

එම සංගමය පවසන්නේ, අස්වැසුම වැඩසටහනේ තේරීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කර හා පුද්ගලයින්ගෙන් අභියාචනා, විරෝධතා භාරගෙන දැනට මාස කිහිපයක් ගතවී ඇති බවයි.

එම වැඩසටහන ක්‍රියාත්මක කළ පරිගණක දත්ත පද්ධතියේ පවතින තාක්ෂණික ගැටළු ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුවෙන් අභියාචනා හා විරෝධතා පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට නොහැකිවී ඇති බව, ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කළේය.

එමෙන්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට අදාල ගැටලු විසඳීමට හා අනෙකුත් පැන නැගී ඇති ගැටලු විසඳීමට ද නොහැකිවී ඇති බවත්, මෙම තත්ත්වය අවස්ථා ගණනාවකදි පෙන්වා දුන්න ද එම ගැටලු විසඳීමට සුබසාධක මණ්ඩලය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය.

මේ අතර, අස්වැසුම සතිය තුළ තමන්ට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නොපැමිණෙන ලෙස එම සංගමය අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...