තැපෑල අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක්!

Date:

කොළඹ LNW:අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා තැපෑල පැය 48ක සංකේතාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුව විසින් නුවරඑලියෂ නුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

පුරාවිද්‍යා වටිනාකම් සහිත මෙම ගොඩනැගිලි නැරඹීමට සංචාරකයින් පවා පැමිණෙන අතර ආණ්ඩුවේ මෙම තීරණය නැවත හරවන්නේ නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වාම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමුවන බවයි බණ්ඩාර මහතා පැවසුවේ.

මේ අතර ආණ්ඩුව විසින් කොළඹ මහ තැපැල් කාර්යාලය විකිණීමට ද පිඹුරුපත් සකස් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

නුවර එළිය තැපැල් කාර්යාලය පිහිටි භූමිය පර්චර්ස් 50ක ඉඩමක් වන අතර නුවරඑළියේ පිහිටි ජනාධිපති මන්දිරය,අගමැති මැදුර හා සෙන්පති මැදුර පිහිටි ඉඩම අක්කර 180ක් වන හෙයින් ජනාධිපතිවරයාට මෙතරම් විකිණීමේ අවශ්‍යතාවක් ඇත්නම් එම මන්දිර සහිත ඉඩම් විකුණාගත හැකි බවද ඔහු යෝජනා කරන ලදී.

”ජනාධිපතිවරයාට ණය ගෙවාගන්න බැරි නිසා ජාතික සම්පත් ඒ වෙනුවෙන් හිලව් කරමින් ඉන්නවා.ඒ අනුව තමයි නුවරඑළිය තැපැල් කාර්යාලයවිකුණන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ පාලනයට ආපු කිහිප වතාවකම මේක විකුණන්න හැදුවා. පසුගිය සතියේ ජනාධිපතිවරයා ඒ නියෝගය රාජ්‍ය සේවකයාට දෙන විදිහ පිළිබද බලවත් අප්‍රසාදය පළකරනවා. කොළඹ මහ තැපැල් කාර්යාලය විකුණන පිඹුරුපත් සකසලා අවසන්. අපි සමස්ත පුරවැසියන්ට ආයාචනා කරනවා ජාතික දේපල ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න කියලා. මේ නුවරඑළිය හා නුවර තැපැල් කාර්යාලය විකිණීමට එරෙහිව පැය 48 වැඩ වර්ජනයක් සිදුකරනවා.මේක නැවැත්වුවේ නැත්නම් නොනවතින වර්ජනයකට යනවා.මේ ගොඩනැගිලිවල පුරාවිද්‍යා වටිනාකම නිසා සංචාරකයින් පවා එනවා. අද මධ්‍යම රාත්‍රී 12 වර්ජනය ආරම්භ කරනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනය අද හවස 4 ආරම්භ කරනවා. තැපෑලෙන් වන සියලුම කටයුතු නවතිනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ තියෙන්නේ පර්චස් 50යි. නුවරඑළියේ තියෙනවා කාමර 70ක ජනාධිපති මන්දිරයක්. තව අගමැති මැදුරක් හා සෙන්පති මැදුරක් අක්කර 180ක. ජනාධිපතිවරයාට පුලුවන් මේ ඉඩමට රණ්ඩු වෙන්නේ නැතිව ඒ අක්කර 180 විකුණලා හොද ගාණක් හොයාගන්න.” යනුවෙන් චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...