ඉමියුනෝග්ලොබියුලින් පිට දමමින් තවත් කුමත්‍රණයක් – රවී කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉමියුනෝග්ලොබියුලින් පිට දමමින්, සෞඛ්‍ය ලේකම් පුටුවත් වෛද්‍ය නිළධාරියෙකුගෙන් පිරවීමේ කුමන්ත්‍රණයක් දියත් වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ , අත්සන් නොකරමින් මග හරිමින් සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ලාගේ සිට සියළු දෙනාට දඬුවම් ලැබිය යුතු බවත්, සෞඛ්‍ය ලේකම්ව විශ්‍රාම යවා සියල්ල වසා ගැනීමට කටයුතු කරනා බවද පවසයි. තවද වැරදි කල සහ වගකීම් පැහැර හැරි සියළු දෙනා දඬුවම් ලැබිය යුතු බවද, රවී කුමුදේශ් මහතා පවසයි.

ශ්‍රී ලංකා පරිපාළණ සේවා සංගමයේ ඉල්ලීම සලකා බැලිය යුතු ඉල්ලීමක්

තවද ඒ මහතා පවසා සිටින්නේ, සෞඛ්‍ය සේවයේ හොරකම් සිදු කරනු ලබන්නේ සහ සිදු කල හොරකම් සදහා වග කිව යුත්තේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරීන් පමණක් නොවන බැවින්, ඔවුන්ව පමණක් ඉවත් කිරීම, සැබෑ තාක්ෂණික හොරුන් ආරක්ෂා කිරීමේ උපක්‍රමයක් බවයි.

හොරකම් අස්සේ සෞඛ්‍ය සේවාවේ සැපයුම් කප්පාදු කරමින්, නිදහස් සෞඛ්‍ය සේවාව හැකිලවීමේ සැලසුමක්

තව දුරටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නියෝගයකට අනූව, ලබන වසර සඳහා ඇනවුම් කල හැකි ඖෂධ, ශල්‍ය උපකරණ සහ රාසායනාගාර අවශ්‍යතා ලේකනය 60% කප්පාදුකර ඇති බවයි. ඒ අනූව ඖෂධ 497 ක්, ශල්‍ය උපකරණ 5301ක් සහ රසායනාගාර උපකරණ සහ අනෙකුත් අවශ්‍යතා 2219ක් සැපයුම් ලේඛණයෙන් ඉවත් කර ඇති බවයි.

ඉවත් කල ඖෂධ අතර, ඇතැම් පිළිකා ඖෂධ මෙන්ම විටමින් C වැනි අතිශය අඩු වියදමකි සැපයිය හැකි ඖෂධ පවා සීමා කොට ඇති අතර, මෙය රහසිගත ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව හැකිලවීමේ සැලසුමක් වන අතර රසායනාගාර අවශ්‍යතා තීරණය කිරීම සඳහා ඊට අදාල කිසිදු වෘත්තීයවේදීයෙකු සමග සාකච්ඡාවක් හෝ සිදු කර නොමති බවද රවී කුමුදේශ් මහතා පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...