ආගම් සහ විශ්වාස යනු මරා ගන්නා දෙයක් නෙවෙයි. සැවොම එකට එකතු කරනා බලවේගයක් – සජිත් (VIDEO)

Date:

මෙරට ව්‍යවස්ථාවෙන් බුදු සසුන ශක්තිමත්ව සහ බලසම්පන්නව සුරැකීමේ බලය ලබා දි ඇති බවත් ඊට අමතරව සෙසු ආගම් හා සංස්කෘතීන් සුරක්ෂා කිරීමේ අයිතියත් තහවුරු කර ඇති බවත් ලොව පවත්වා ජාති ආගම් කුල ගෝත්‍ර එකට එකතු කිරීමේ ජවසම්පන්න බලයක් බෞද්ධ දර්ශනයට ඇති බවත් ආගම් යනු සෑම දෙනාම සමානාත්මතාවෙන් සහ සතුටින් තබනා දෙයක් මිස එකිනෙකා මරා ගන්නා දෙයක් නොවන බවට බෞද්ධ ඉතිහාසය තුළ පරමාදර්ශීව ලොවටම සපයා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා බුදුසසුන ආරක්ෂා කිරීම සෙසු ආගම් මෙන්ම ජාතින් සතු පරම යුතුකමක් බවත් එයට හිරිහැරයක් අවමානයක් නොවන අයුරින් තම තමන්ගේ ආගම් හා විශ්වාස පවත්වාගෙන යාම සැමගේ වගකීමක් හා වගවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ බැතිබර දායකත්වයෙන් පසුගිය නොවැම්බර් 4-5 දෙදින තුළ සෝමාවති රජමහා විහාරයේ පැවැති කඨින පූණ්‍යෝස්වයට සමගාමීව ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් අභියස පිහිටුවා ඇති ශිලා ලේඛන අභිනවයෙන් අර්ථ සහිතව ශෛලමය ඵලකවල සටහන් කොට සසුනට පූජා කිරීමත් ශ්‍රී දකුණු දළදාවහන්සේ උදෙසා පවත්වනු ලබන මහා මුළුතැන් සම්බුද්ධ පුජාව හා පිඟන් ගඩොල් අතුරා නවීකරණය කරන ලද සම්බුද්ධ මන්දිරයේ සම්බුද්ධ පුජාව පැවැත්වීම සඳහාත් එක්වූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවට මහා සංඝරත්නයත්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණිය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල සැදැහැති බෞද්ධයෝ පිරිසක් එක් විය.

කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමෙන් අනතුරුව පැමිණි සිටි පිරිස තමන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී දැනුවත් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...