ඇමරිකාවෙන් කොළඹ වරාය සංවර්ධනයට දැවැන්ත ආයෝජනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඒ ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික ආයෝජනයකිනි.

ඒ අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව, Adani Ports & Special Economic Zones Limited (APSEZ) සමාගම සහ John Keells Holdings ඒකාබද්ධව බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව හෙවත් (DFC) ආයතනය නිවේදනය කර ඇත්තේ, දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළ, මෙම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදාළ මුදල වෙන් කර ඇති බවයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමග ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බවයි.

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානම අන්තර්හුවමාරු කේන්ද්‍රයක් වන අතර, බටහිර පර්යන්තයේ සංවර්ධනයට යොදවන මෙම ඩොලර් මිලියන 553 ක ආයෝජනය හරහා නාවික ධාරිතාව තවත් ඉහළ නැංවිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බව, ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව හෙවත් (DFC) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේදන් මහතා පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...