නව ඉලක්ක සපුරා ගමු

Date:

ජනගහනය මිලියන 22ක් ජීවත් වන අපේ රටේ වෙළෙඳපොළ සීමිත වුවද විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට අපේ කර්මාන්තකරුවන්ට පුළුවන් වීම නව ඉලක්ක සපුරා ගැනීමකි. 77 බලයට පත් වූ එජාප ආණ්ඩුව ක්‍රියා කළේ ඉදිකටුවේ සිට සියලු දේ පිටරටින් ගෙන ඒමේ න්‍යාය පත්‍රයයි. අපේ රටේ සරුවට වගා කෙරුණ බිබිලේ දොඩම් වගාව පාළු කළේ ඉතාම කුමන්ත්‍රණකාරි ලෙසය. බිබිලේ දොඩම් වගාකරුවා මිය යද්දී පකිස්තානයෙන් තායිලන්තයෙන් දොඩම් මෙරටට ගෙන ඒමට අවසර ලැබුණේය. නුවරඑළියේ පෙයාර්ස් වගාවට ද සිදුවූයේ ද ඒ දේමය. පෙයාර්ස්වලට ඇති වූ රෝගයෙන් මුළු පෙයාර්ස් වගාකරුවන් මිය යද්දී ඔස්ට්‍රේලියාවේ ඇපල් ගෙඩියට අපේ වෙළෙඳපොළ විවෘත විය. යාපනයේ මිදි වගාවට ද එවැනි රෝගයක් හට ගත්තේ බිබිලේ දොඩම්වලට මෙන් නුවරඑළියේ පෙයාර්ස්වලට අත් වූ ඉරණම පරිද්දෙනි. මේ තරම් සියුම් අයුරින් අපේ දේශීය පලතුරු වගාවට කණකොකා හැඬුවේ ඒ අයුරිනි.

වාණිජ වැවිලි භෝග අතරේ තේවලට මෙන්ම කුරුඳුවලට ඉහළ ඉල්ලුමක් තවම අන්තර්ජාතික වෙළෙඳපොළේ පැවැතීම හේතුවෙන් Ceylon teaවලට තවමත් අන්තර්ජාතික වෙළෙඳපොළ විවෘතව ඇත. එහෙත් කවදත් අපේ රටේ ගුණාත්මක රසවත් තේ කෝප්පයට ඉහළ ඉල්ලුමක් අන්තර්ජාතික වෙළෙඳපොළේ පැවති බව නොරහසකි. විශේෂයෙන් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් තේ වෙළෙඳපොළ රැකගැනීමට වර්තමාන රජයට හැකි වීම අගය කළ යුත්තකි. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඉන්දියාවේ කසළ තේ අපේ රටේ තේවලට කලවම් කොට ලෝක වෙළෙඳපොළට යවා අපේ අන්තර්ජාතික ප්‍රමිතියට කැළැලක් සිදු කළ බව ද සඳහන් කළ යුතුව ඇත. අපේ ගම්මිරිස්වලට ද වියට්නාමයේ හා ඉන්දියාවේ ගම්මිරිස් කලවම් කොට අන්තර්ජාතික වෙළෙඳපොළට යැවූ ඇමැතිවරුන් ද යහපාලන ආණ්ඩුවේ සිටි බව අමතක නොකළ යුතුය.

රටක් වශයෙන් අපට නැඟී සිටීමට හැකියාව ඇත්තේ දේශීය නිෂ්පාදන ඇති කිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමට පෙරාතුව සිට ජනතාව දැනුම්වත් කළේය. ඒ අනුව එතුමාගේ ජයග්‍රහණයෙන් පසු එය ක්‍රියාවට නැංවීමට විශාල කැප කිරීමක් සිදු කොට ඇත. 77න් පසු ඇති වූ විවෘත ආර්ථිකයෙන් සිදු වූයේ අපේ රට සහ අපේ රටේ ජනතාව විදේශ වෙළෙඳපොළ අරක් ගෙන සිටින රටවල්වල පාරිභෝගිකයන් බවට පත් කිරීම පමණි.

මේ කනගාටුදායක තත්ත්වයෙන් අපේ රට මුදාගෙන ස්වශක්තියෙන් නැඟී සිටින රටක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වර්තමාන රජයේ බලාපොරොත්තුවයි. විවිධ බාධක කම්කටොලු අභියෝග හමුවේ ඒ කටුක මාර්ගයේ ගමන් කිරීම වර්තමාන ආණ්ඩුවේ දැක්මයි. ඒ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය නිෂ්පාදන වැඩි දියුණු කොට දේශීය ව්‍යාපාරිකයන් සවිබලගැන්වීම රජයේ එකම අපේක්ෂාවයි.

එහිදී පෞද්ගලික අංශයේ ව්‍යාපාර කටයුතු ඉතා ක්‍රමවත්ව සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව යමින් ක්‍රියා කළ නිසා දේශීය කර්මාන්තකරුවන්ට අන්තර්ජාතික වෙළෙඳපොළ ජය ගැනීමට හැකි වූ බව මේ මොහොතේ සඳහන් කළ යුතුව ඇත.

ඇත්ත Hennayake Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...