පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයට ලබා දුන් මාසයක කාලය අවසන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයන් අත්හිටුවා ඇති බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් ව ඇති අතර, අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නැති අතර, වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය, විශේෂ කමිටුවක් පත් කර තිබුණි.

වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...