පොහොට්ටුවෙන් සාගලට ටොක්කක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂයේ යෝජනාව ආණ්ඩුව විසින් සම්මත කර ජන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කිරීම තුළ ක්‍රිකට් සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ප්‍රවේශයක් ගැනීම මෙන්ම මෙම ප්‍රශ්නයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාටද එල්ල වූ චෝදනාවටද පිළිතුරක් ලබා දීමක් සිදුකර තිබෙන බව දේශපාලන කරළියේ කතාබහට ලක්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මිද සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයට විගණකාධිපති වාර්තාව හරහා දූෂණ,අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු පසුබිමක ඔවුන් ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ක්‍රියා කළ බවටයි චෝදනා එල්ල වූයේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද පාර්ලිමේන්තුවේදී ඔහුට සෘජුවම චෝදනා කරන ලදී.

කෙසේවෙතත් ක්‍රිකට් අර්බුදය විසඳා ගැනීමට පාර්ලිමේන්තුවම මේ මොහොතේ මැදිහත්ව සිටීම විශේෂත්වයක් වන අතර ආණ්ඩුව සහ විපක්ෂය ඒකමතිකව ඒ වෙනුවෙන් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණි.

කෙසේවෙතත් විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධය ප්‍රකාශ කිරීමටද මේ හරහා අවස්ථාව සැලසුන බවයි දේශපාලන කරළියේ කතාබහට ලක්ව ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...