*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

තැපෑලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.වැරදි සන්නිවේදනයක් වෙලා තියෙන්නේ – රාජ්‍ය ඇමති

කොළඹ LNW: නුවරඑළිය තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් ගත් තීරණය වැරදි ආකාරයෙන් සන්නිවේදනය වී තිබෙන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

නුවරඑළිය සංවර්ධන සැලැස්ම අනුව තැපැල් කාර්යාලය පවතින ගොඩනැගිල්ල ආරක්ෂා වෙන පරිදි ආයෝජනයක් වෙනුවෙන් රජය එකඟවී තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ තුළ තැපැල් දෙපාර්තමේන්තුවත් ආරක්ෂා වන බව ශාන්ත බණ්ඩාර මහතා කියාසිටියේය.

”තැපැල් දෙපාර්තමේන්තුව මේ වනවිට බිලියන 7ක පාඩුව බිලියන 4 දක්වා අඩුකරගැනීමේ අරමුණ ඇතුව අපි ගමන් කරන මොහොතක් ඒ නිසා අපි සියලු දෙනා ඒ සදහා කැපවෙමින් හෙට සිට සේවයට වාර්තා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. 1894 හදපු මේ ගොඩනැගිල්ල 2007 පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් බවට පත් කර තිබෙනවා. තැපැල් කාර්යාලය එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ගමන් සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ පිළිබද නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ජා කර තිබෙනවා. ජනාධිපතිවරයාට නිසි ලෙස නිලධාරීන් සන්නිවේදනය නොකිරීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ හෙට දවසේ සියලු දෙනා සේවයට වර්තා කිරීමත් සමග මේ ගැටළුව අවසන් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා

රජයේ හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්නේ. තැපැල් සේවකයන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. ඒ පිළිබද තැපෑල ආරක්ෂා කරගනිමින් යන ගමනක් යන්නේ. ජනාධිපතිවරයා සමග සාකච්ජා කර හෙට දිනය වන විට විසදුම් ලබා දෙන්න සුදානම්.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමිනුයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් පසුගිය 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේ.

මේ අතර ඊයේ දිනයේදී තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් කරමින් රජය ගැසට් නිවේදනයක් ද නිකුත් කළ නමුත් එය නොතකා අද දිනයේද වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan