ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ. ප්‍රමාද කරන්නත් බැහැ – මහින්ද දේශප්‍රිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): .මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම මෙලෙස පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරු පහරක් බව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවද ඔහු කියා සිටියේය,

මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසූවේ, ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල්දැමීමේ හැකියාවක් නොමැති බවයි.

ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ. ප්‍රමාද කරන්නත් බැහැ. 2024 සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පවත්වන්නම ඕනේ.”

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

ඇල්ලේ බස් අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වන්දි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 කණුව...