අයවැය ගැන මට නම් සුභවාදී අදහසක් නැහැ – තිස්ස

Date:

කොළඹ LNW:ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය සම්බන්ධයෙන් තමන්ට සුභවාදී අදහසක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය අයවැයට සමගාමීව 2024 අයවැයත් ඉදිරිපත් විය යුතු වුවත් ජනතාවට බරක් නැති අයවැයක් ගැන බලාපොරොත්තුවක් නැති බවයි අත්තනායක මහතා කියාසිටියේ.

අයවැයෙන් බලාපොරොත්තු වන්නේ ආර්ථිකයට ඉදිරිපියවරක් තැබීම වුවත් එවැනි දිශාවක් මෙවර අයවැයෙන් පෙන්නුම් නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

”සිදුකරලා තියෙන්නේ බදු වැඩිකරපු එක විතරයි. මහජනතාවට දැනෙන දෙයක් කරලා නෑ. 2024 අයවැයෙන් කළ යුතුව තිබුණේ පසුගිය එක සමග සමගාමීව යන එක. මිනිසුන්ට බරක් නැති ජීවිතයක් ගොඩනගන එක එමඟින් විය යුතුයි. මට නම් ඒ පිළිබද විශ්වාසයක් නෑ. තෙල් සදහා බද්දක් අයකරන්න හදනවා. ආදායම වැඩිකරන්න තියෙන එකම දේ බදු වැඩිකිරීම නෙවෙයි. මන්ත්‍රවරුන් මාසයක් මේක සාකච්ජා කරනවා. මේක සාකච්ජා කරල ගෙදර යනව විතරයි. ඒවට ඇහුම්කම් දෙන්නේ නෑ. තවදුරටත් පාර්ලිමේන්තුව කතා සාප්පුවක් වෙනවා ජනාධිපති වෙන එකක් කරනවා. ආණ්ඩුව නව ගමනක් යනව නම් ඉතාම හොදයි. අලුත් ගමනක් යනව නම් වැටිච්ච රට ගොඩනගන්න ගමනක් යන්න ඕන.” යනුවෙන් අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...