විදේශීය ගුවන් යානා , විදේශීය යුද නැව් සහ පර්යේෂණ යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදයේ වෙනසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශීය ගුවන් යානා , විදේශීය යුද නැව් සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධූත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව,විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළේ, රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය යාවත්කාලීන කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද පසුගිය දා හිමිවු බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන සියලු රටවල් සහ විවිධ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

චීන පර්යේෂණ නෞකාව මෙරට සංචාරය කිරීමට ඉල්ලුම් කිරීමත් සමඟ ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව අතර කිසියම් දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් හටගත් අතර, චීන නෞකාව මෙරට බටහිර මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන බව ප්‍රකාශ කළ ද, ඉන්දියාව පැවසුවේ එය තම රට පිළිබඳව ඔත්තු බැලීමක් ලෙසය.

එම තත්ත්වය හමුවේ රජය තීරණය කරනු ලැබුවේ, .මෙම නෞකා, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සම්බන්ධයෙන් සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සමාලෝචනය කිරීමටයි. තවද, මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ද සාකච්ඡාවට ලක්ව ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...