ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන අය- වැයක් – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කිසිඳු දේශපාලන පක්ෂයකට අයවැයට විරුද්ධ වීමට හේතුවක් නොමැති බවත්, ජනතාව විසින් මෙතෙක් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය සකස් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

එහි දී වැඩිදුරටත් අදහස් පල කළ අමාත්‍යවරයා,

‘‘මෙම අය වැය මෙතෙත් ජනතාව විසින් මතුකල කාරණාවලට විසදුම් තිබෙන අයවැයක්. ඒ අනුව විපක්ෂයට තීන්දුවක් ගන්න වෙයි, ඔවුන් මේ අයවැයට පක්ෂව ජනතාව වෙනුවෙන් හිටගන්නවාද නැත්නම් අයවැයට විරුද්ධ වෙලා නැවතත් සුපුරුදු විපක්ෂයක භූමිකාව සිදුකරනවාද කියලා. ජනතාව වෙනුවෙන් හිටගන්න සෑම දේශපාලන පක්ෂයකටම මෙම අය වැය ලේඛනය විරුද්ධ වෙන්න හේතුවක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. ආර්ථික අපහසුතා නිසා දැඩි බලපෑමට පත් වුණු බොහෝ ක්ෂේත්‍රයන් සහ ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කරන්න මෙමගින් බලාපොරොත්තු වෙනවා. අද පස්වරුවෙනකම් බලාගෙන ඉමු මෙම අයවැයේ අන්තර්ගතය බලන්න.” බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...