*
Wednesday, November 27, 2024
spot_img

Latest Posts

නෙට්බෝල් යළිත් ජාතික පුහුණුකාරියක සොයයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): 
සිංගප්පූරුවේ පැවති සය සාමාජික තරගාවාලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් නව පුහුණුකාරියක් කැදවීම ඒ මොහොතේ සිඳු නොකළ යුතු බව LNW ප්‍රකාශ කළ අවස්ථාවේදී එය විධායක සභාවේ නිලධාරිණියක විසින් සටහනක් තබා බැහැර කර තිබුණේ කිසිදු ආකාරයකින් මාධ්‍ය වාර්තා සමඟ එකඟ නොවිය යුතු බව කියමින්ය.අප පෙන්වා දුන්නේ මේ මොහොත පුහුණුකාරිය ලෙස නවකයෙක් කැදවීමට නුසුදුසු අවස්ථාවක් හැටියටය.

නමුත් එම කාරණය සම්බන්ධයෙන් විධායක නිලධාරිණියක් හැසිරී තිබුණේ වඩාත්ම කැපවීමක් සහ දැනීමක් ඇති පිරිස සිටින්නේ නෙට්බෝල් විධායක සභාවේ බැවින් මාධ්‍ය වාර්තා වෙත අවධානය යොමු නොකළ යුතු බව කියමින්ය.එහි ප්‍රතිපලයත් ලෙස සය සාමාජික තරගාවලියේ අන්තිමටම පහළ වැටුණු ශ්‍රී ලංකාව බොහෝ විට ඉදිරි ශ්‍රේණිගත කිරීම්වලදී දැනට සිටින තත්ත්වයට වඩා පහත තැනෙකට වැටෙන්නට ඇති ඉඩ විශාලය.

එම අසාර්ථකවීමෙන් පසුව එම පුහුණුකාරියගේ කීර්තියට ද හානි සිඳු කරමින් මේ වන විට නැවත ජාතික පුහුණුකාරිය සඳහා අයදුම්පත් කැඳවා ඇත.ඒ ආසියානු සූරතාවලිය ඉලක්ක කරගෙන සය සාමාජික තරගාවලියට පුහුණුකාරියක ගෙන එන බව කියූ කාරණය යටපත් කරමින්ය.මේ අනුව වසරකට එක් ජාතික පුහුණුකාරියක ගෙන එනවාද,නැතිනම් සංචාරයෙන් සංචාරයට පුහුණුකාරියන් ගෙන එනවාද යන්න තීරණය කිරීම දැනුවත් විධායක සභාව විසින් ඉදිරියේදී තීරණය කරනවා ඇත.මෙහිදි අයදුම්පත් කැඳවා ඇත්තේ 2024 සඳහා ජාතික පුහුණුකාරියක තේරීම සඳහා ය.

සමහර විට මේ වන විට ඒ සඳහා වෙනත් සංචිත භාරව සිටින සහ එම සංචිතවල සිටින ක්‍රිඩිකාවන් තමන්ගේ නෙට්බෝල් ඇකඩමිවලට කැඳවා පුහුණුකරන පුහුණුකාරියක් වෙනුවෙන් පිටිය සැකසීමක් විය හැකි බව ද මේ වන විට නෙට්බෝල් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.එසේම ඇය සිය භාර සංචිතයට සිය ඇකඩමියේ ක්‍රීඩිකාවන් ගෙන කාර්යයද සූක්ෂම ලෙස සිඳු කරන බවට ද වාර්තා නිකුත් වී ඇත.

මේ සිඳුවිය හැකි දෙයක් පෙන්වා දීමක් මිස එසේ නොකරන්නට බලපෑම් කිරිමක් නොවේය.මන්ද ඒ සම්බන්ධයෙන් ඉහළට වුව බලපෑම් කිරිමට නොහැකි බව ක්‍රීඩා අමාත්‍යංශයේම ඇතැම් නිලධාරීන් පවසන දෙයකි.

මේ තත්ත්වය යටතේ නව ජාතික පුහුණුකාරිය සඳහා කැඳවනු ලබන අයදුම්පත් සුදුසුකම් සැපුරෑ පුහුණුකරුවන් විසින් නොවැම්බර් මස 25 වන දිනට ප්‍රථම ලැබිමට සැලැස්විය යුතුය .පුහුණුකාරිය යන්න මේ වන විට පුහුණුකරුවන්ද යම් මට්ටමක ජයග්‍රහණ නෙට්බෝලයට ලබා දෙමින් සිටින නිසා පුහුණුකාර තනතුර ලෙස සළකා කාන්තා සහ පිරිමි දෙපාර්ශයටම විවෘත කර සළකා බැලීම් කළ හැකිනම් එය අලුත් ප්‍රවේශයක් විය හැකි බව අපි දැනුවත්,විධායක සභා සාමාජිකයන්ට සළකා බැලීම පිණිස සටහන් කරන්නට කැමත්තෙමු.

අයදුම්පත් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයට ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් යොමු කළයුතුය.
අයදුම්පත් එවිය යුතු ලිපිනය- නො33,ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පරණ ගොඩනැගිල්ල ,ටොරිංටන් පෙදෙස,කොළඔ 07
වැඩි විස්තර සදහා පහත දුරකථන අංකයට කතා කර ලබා ගත හැක.
වින්දනා දයාරත්න (ලේකම් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ) 071 565 6174

මේ සමඟ විධායක සභිකාවක මාධ්‍ය මඟින් සාධනීය කරුණු පෙන්වා දීම් සළකා බැලීම තමන්ගේ තත්ත්වය හැල්ලු කිරීමක් ලෙස විධායක සභා සාකච්ඡාවකට යොමු කර තිබූ සටහනද මේ සමඟ දක්වා ඇත.සය සාමාජික තරගාවලියේදි විධායක සභාව ආඩම්බරයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් හෑල්ලු වූ අයුරු බලා සිටින්නට ඇතැයි අප විශ්වාස කරමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan